මින්ට් සිරප්

by Ravi Gamage

රෙසිපිය : Piumi Shermila – ඉතාලි​ය (මුහුණුපොතේ මුළුතැන්ගෙය සමූහයෙන්)

 

රස්නෙ කාලෙට අපි බොන්න හොයන්නෙම ඇඟ කූල් කරගන්න පුලුවන් බීම ජාති. ඉතිං මේ රෙසිපියේ තියෙන මින්ට් සිරප් එක හදලා තියගත්තොත් ඔයාට ඕනි වෙලාවට ​ලේසියෙන්ම ගෙදරදිම රසවත් බීම එකක් හදාගන්න පුලුවනි.

අවශ්‍ය දේවල්

  • වතුර 500 ml
  • සිනි 600 g
  • මිංචි කොළ 60 g
  • දෙහි ගෙඩි බාගයක පොතු

සාදාගන්නා ආකාරය
මිංචි කොළ හොඳින් සෝදා තෙත නැතිවෙන්න පිසදාගන්න.
මිංචි කොළ සහ සීනි බ්ලෙන්ඩර් එකට දාලා පේස්ට් එකක් වගේ වෙන්න බ්ලෙන්ඩර් කරගන්න.
ඉන්පසු භාජනයකට වතුර සහ දෙහි පොතු දමා සාදාගත් පේස්ට් එකත් දමා සාමාන්‍ය ගින්දරේ උතුරනකන් හැදි ගාන්න. (විනාඩි 8ක් පමණ)
ලිප ඕෆ් කර පැය පැය 5/6 ක් වගේ නිවෙන්න තියන්න.
අවසානයේ කුඩා හිල් සහිත රෙදි කෑල්ලක් ආධාරයෙන් මිශ්‍රණය පෙරා ගන්න.

මෙම ප්‍රමාණවලින් ලීටර් 1ක් පමණ මින්ට් සිරප් සාදාගත හැකියි.
මෙම සිරප් එකට අවශ්‍ය ප්‍රමාණයට වතුර, සීනි, කසකසා ඇට දමා රසවත් බීම එකක් සදගන්න පුලුවනි.

 

                                                            මින්ට් සිරප් එක                                    

                   

                                                       මින්ට් සිරප් යොදා සාදන ලද බීම

     

 

 

Leave a Comment

සබැඳි සටහන්....