තමන්ගේම ​GIF නිර්මාණය කරගැනීමේ අවස්ථාවක් දැන් වයිබර් වෙතින්

by Ravi Gamage

ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වයිබර් සිය අලුත්ම තාක්ෂණික විශේෂාංගය ලෙස වයිබර් හරහා GIF නිර්මාණය කිරීමේ පහසුකම හඳුන්වා දී තිබේ.

මේ වන විට ලොව පුරා වේගවත් කෙටි පණිවුඩ සේවාවන් කෙරෙහි විශාල ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින අතර, වයිබර් මෙම නව විශේෂාංගය හඳුන්වාදෙන්නේ ඉකුත් මාසයේදී හඳුන්වා දුන් Group Video Call විශේෂාංගයට අතිරේක වශයෙන්. ඊට අමතරව වයිබර් තම group chats සේවාව 250 දෙනෙකු දක්වා ද, group voice calls පහසුකම 20 දෙනෙකු දක්වා ද ප්‍රසාරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

නවතම GIF නිර්මාණය කිරීමේ පහසුකම දැනට iOS දුරකථන සඳහා එළිදක්වා ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ මෙම පහසුකම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වෙත ද හිමි වේ.

මෙම විශේෂාංගය හරහා ඕනෑම වයිබර් භාවිත කරන්නෙකුට ඇප් එකේ ඇතුළත් නව කැමරාව හෝ තම දුරකථන ගැලරියේ ඇති වීඩියෝවක් හෝ තෝරාගෙන එය වයිබර් GIF නිර්මාණයක් ලෙස වැඩිදියුණු කළ හැකියි. එහිදී boomerang, fast play, හෝ reverse ආකාරවලට GIF සැකසිය හැකියි.

වීඩියෝවක් GIF නිර්මාණයක් බවට පත්කරගැනීමට කළ යුත්තේ පහත සඳහන් සරල පියවර කිහිපය පමණයි.

  • GIF මගින් නිරූපණය විය යුතු වීඩියෝවේ හොඳම කොටස වෙන් කරගන්න.
  • GIF නිර්මාණය සඳහා සුදුසු පරිදි boomerang, endless looping, reverse mode, slow-play, සහ x2 හෝ x4 fast-play වැනි නිර්මාණ ආකෘති යොදාගන්න.
  • GIF නිර්මාණය විවිධ අකුරු සහ වර්ණ රැගත් පාඨවලින් ද, කුරුටු සහ ස්ටිකර්වලින් ද හැඩගන්වා ගන්න.

Leave a Comment

සබැඳි සටහන්....