ඔබේ සමත් වියළිලා ද? මෙන්න උත්තරේ….

by Ravi Gamage

තමන්ගේ රූපය ගැන සැලකිල්ලක් දක්වන ඔබ සුන්දර රූසපුවක් ලබාගන්නට නොකරන දෙයක් නැති තරම්. ඒත් එහෙම  හිතෙන හිතෙන විදියට රූපලාවණ්‍යය කටයුතු කිරීම නම් නුවණට හුරු දෙයක්  නෙවෙයි. මොකද රුව වඩන සත්කාර කිරීමේ දී සමට උචිත සත්කාරය මොකක්ද කියලා වටහා නොගත්තොත් ඒක ගැටලු බොහොමයක් ඇති වෙන්න හේතුවක් වෙනවා. එතැනදි විශේෂයෙන් සමේ ස්වභාවය හඳුනාගැනීමයි වැදගත්. ඉතින් අද අපි වියළි සමක් හිමි අයෙකුට ගැළපෙන සත්කාර පිළිබඳව අවබෝධයක් ලබා ගනිමු.

සත්කාරක ප්‍රවේශමෙන්…
වියළි සමකට සත්කාර කිරීමේ දී ආලේපන තෝරාගත යුත්තේ බොහොමත් ප්‍රවේශමෙන්.විශේෂයෙන් වියළි සමක් හිමි ඔබ සබන් භාවිතයට පුරුදුව සිටින්නේ නම් අදම ඒ පුරුද්ද අත් හරින්න වෙනවා.මොකද සබන් භාවිතයෙන් සිදුවෙන්නේ සමේ පවතින වියළි බව තවත් වැඩිවීමම පමණයි.එවැනි සමකට කැරට් සාරය,කෝමාරිකා ,මීපැණි වල සාරය අඩංගු කැරට් ෆේස් වොෂ් එකක් භාවිතය බොහොමත් හොඳයි.ඇත්තටම එවැනි  ෆේස් වොෂ් එකක් භාවිතයෙන් ඔබගේ පෙනුම නොහිතන අන්දමට වෙනස් වෙන්න පුළුවන්.

ස්ක්‍රබ් එක වැදගත්…
ඇත්තටම සමේ අක්‍රිය සෛල තැන්පත් වීම සමේ වියළි  බව ඇතිවීමට බලපාන තවත් හේතුවක්. එනිසා ස්ක්‍රබ් එකකින් මැරුණු සම ඉවත් කිරීම කරන්නට  වෙනවා. ඒ සඳහා රත් හඳුන්, ඉරිඟු සාරය හා රෙඩ් ස්ට්‍රෝබෙරි අඩංගු ස්ක්‍රබ් එකක් භාවිතා  කරන්නට හැකියාව තියෙනවා. ස්ක්‍රබ් එකකින් රෝම කූපවල අවහිරතා  දුරලනවා. සුදු සහ කළු ලප ඉවත්  කරනවා. එමඟින් සම සුමුදු  කරනවා.
කොහොමත් වියළි සම ඉතාමත් ඉක්මනින් රැලි වැටෙන්නට ඉඩ තියෙනවා. විශේෂයෙන් ඇස් වටා රැලි වැටුණොත් වයසට වඩා වයස්ගත පෙනුමක් ගෙන එනවා. ඉතින් මේ තත්ත්වය පාලනය කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අන්ඩර් අයි ක්‍රීම් එකක් භාවිතයට  ගන්නට වෙනවා. එසේ ඇස් වටා රැලි ඇතිවී ඇත්නම්, එයට ප්‍රතිකර්මයක් ලෙසින් ආමන්ඩ්, ඉඟුරු, දාස්පෙතියා සහ ඔලිව්වල ක්‍රියාකාරී ශාකසාර සහිත අන්ඩර් අයි ක්‍රීම් එකක් භාවිතයට ගන්නට පුළුවන්. එවිට ඔබ නොසිතන අයුරෙන් ඔබේ පෙනුම වෙනස් වේවි.

ශාකසාර මොයිස්චරයිසර්…
ස්ක්‍රබ් එකකින් පසුව සමේ තෙතමනය ආරක්ෂා කරගන්නට මොයිස්චරයිසර් එකක් ආලේප කරන්නට ඕනේ. සැබැවින්ම මොයිස්චරයිසර් එකකින් සමේ තෙතමනය ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි, සම පෝෂණය  කරනවා. එය ඉතාම වැදගත් දෙයක් වගේම අත්‍යවශ්‍යය දෙයක්. ඒ නිසාමයි ස්ක්‍රබ් එකකින් පස්සේ විටමින් ඊ අඩංගු මොයිස්චරයිසර් එකක් භාවිතයට ගැනීම සුදුසුයි කියා කියන්නේ.
එවිට සම මනා සේ පෝෂණය කරනවා. ඉතින් ඔබ මෙහිදී භාවිතයට ගන්නට ඕනේ ශාකසාර අඩංගු විටමින් ඊ සහිත දිවා මොයිස්චරයිසර්  එකක්. අලිගැටපේර, සෝයා ආමන්ඩ් සහ කෝමාරිකා අඩංගු විටමින් ඊ ක්‍රීම් එකකින් වියළි  සම මනා සේ පෝෂණය කරනවා.
මෙසේ සමට ගැළපෙන  ආලේපන වර්ග තෝරාගන්නවා වගේම අලුත් එළවළු, පලතුරු, පලා වර්ග ආහාරයට ගැනීමත් ප්‍රමාණවත් ජලය පානය කිරීමත් බොහෝ වැදගත්  බව නම් තේරුම් ගන්නට වෙනවා.

දිල්

Leave a Comment

සබැඳි සටහන්....