මිල්ක්මේඩ් අලුවා

by Ravi Gamage

රෙසිපිය : ප්‍රමිලා සේනාරත්න (මුහුණුපොතේ මුළුතැන්ගෙය සමූහයෙන්)

 

අවශ්‍ය ද්‍රව්‍ය
හාල්පිටි කිලෝ 1 යි ග්‍රෑම් 250 (හාල්පිටි බැදලා ගන්න)මේකට කඩේ හාල් පිටි, ඉඳිආප්ප පිටි ඕනම දෙයක් ගන්න පුළුවන්. ඒවත් බැදලා ගන්න.
සීනි ග්‍රෑම් 750
වතුර පීරිසි කෝප්ප 2
මිල්ක්මේඩ් ලොකු ටින් 1 (510ග්‍රෑම්)

සාදන ආකාරය
සීනි, වතුර එකට දාලා ලිපේ තියලා උණු කරගන්න.
නූල් ඇදෙන පදමට ආවට පසු ලිපෙන් බාගන්න.
එයට මිල්ක්මේඩ් එක එකතු කර හොඳින් හැඳිගාන්න.
පිටි ටික ටික එකතු කරමින් කවලම් කරන්න. පිටි එකපාර දාන්න එපා.
පිටි ඉහගත්ත ට්‍රේ එකක මිශ්‍රණය තුනී කරගන්න.

වැදගත්
අතේ වතුර ගාගෙන තුනී කරන්න. ලස්සනට හදාගන්න පුළුවන්.
ඊටපස්සෙ කෑලි කපාගන්න.
මේක හයියත් නෑ කුඩු වෙන්නෙත් නෑ.හරිම රසයි.

 

Leave a Comment

සබැඳි සටහන්....