
නාවික පොකුරේ ක්‍රියාකාරිත්වය ද සියයට හැත්තෑ පහක් පමණ පාලනය කර තිබෙන බව කී හමුදාපතිවරයා, ඉදිරි කාලයේදී එය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.
නාවික භටයන් අතරේ වයිරසය පැතිරුණු ආකාරය ගැන මේ දිනවල විශේෂ අධ්‍යයනයක් කරගෙන යන බවත්, වෛද්‍යවරුන් කණ්ඩායමක්ද එම අධ්‍යයනයට සම්බන්ධව සිටින බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.
නාවික භටයන් අතරට වයිරසය පැමිණියේ ජාඇල සුදුවැල්ලෙ ප්‍රදේශයෙන් බවට ස්ථිර වශයෙන්ම තහවුරු වී ඇතැයි ද ඔහු පැවැසීය.
විදේශ රටවලින් පිරිස් මේ දිනවල පැමිණෙන හෙයින්, ඉදිරියේදී නිරෝධායන මධ්‍යස්ථානවලින් රෝගීන් අනිවාර්යයෙන්ම මතුවිය හැකි බව කී යුද හමුදාපතිවරයා, එංගලන්තයෙන් හා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි එවැනි රෝගීන්දෙ දෙනකු ඊයේ පෙරේදා සොයා ගත් බව ද ප්‍රකාශ කළේය.
කොරෝනා වයිරසය එළියට යෑමට ඉඩ නොදී රැක ගැනීමට හැකිවූයේ නිරෝධායන මධ්‍යස්ථාන නිසා යැයි ද කෙසේ වෙතත් විදේශයන්හි සිට පිරිස් මෙරටට ගෙන්වා ගන්නේ විශාල අවදානමක් දරාගෙන යැයි ද ඔහු සඳහන් කළේය.
ලංකාදීප