බේරුවලින් කොරෝනා 15 ක් හමුවේ.. 25000 ක් නිරෝදායනයට

by Ravi Gamage

බේරුවල ප්‍රෙදේශයේ ගම්මාන 5 ක 25000 ක පමණ පිරිසක් මේ වනවිට ස්වයං නිරෝදානයට යොමුකර තිබේ.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න මහතා සදහන් කරන්නේ එම ප්‍රදේශයෙන් මුල් වරට කොරෝනා රෝගියකු හමුවීමත් සමග මෙම තීන්දුව ගත බවයි. එමෙන්ම මෙම ප්‍රදේශවල 900 කට වැඩි පිරිසක් නිරෝදායන මද්‍ය්ස්ඨාන වලට යොමු කර ඇති බවද ඔහු පැවසිය.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැලැක්වීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ග්ෆෙන තිබේ.

බේරුවල ප්‍රෙදේශයේ පසුගිය 06 වෙනිදා හමුවූ කොරෝන රෝගියාත් සමග එම ප්‍රදේශයෙන් මේ වනවිට රෝගීන් 15 ක් හමු වී ඇති බවද ඔහු පැවසිය.

 

1 comment

Hanifdeen April 9, 2020 - 7:15 am

බේරුවල 15 ක් හමුවේ නම් කෝ ඒ සංඛ්‍යාව එකතු වෙලා නැත්තේ ඇයි ?

මේ පුවත සමහරවිට ඇත්ත වෙන්නත් පුළුවන් …
බොරු වෙන්නත් පුළුවන් …
මාධ්‍යය විසින් ගෙනියන බොරු ප්‍රචාරයක් වෙන්නත් පුළුවන් …

හේතුව වශයෙන් පෙන්වන්නේ, එයාලා මේ කියන පුවතට අනුව බේරුවලින් එක්වූ අසාධ්‍ය පිරිස 15 කි.
එය එසේ නම්, ඒ 15 දෙනාද අපේ කොරෝනාවෛරසයට ගොදුරුවූ සංඛ්‍යාවට නම් එකතු වෙන්න එපායෑ.?
එහෙම වෙලා කියලා තාමත් නිසි පුවතක් ප්‍රචාරය වුනේ නැහැනේ.
එය එසේ නම් මෙය අසත්‍ය පුවතක් විය හැකිය …

Reply

Leave a Comment

සබැඳි සටහන්....