ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයන්ට ජනතාව ‘කෙළ’ ගසයි..

by Ravi Gamage

කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා සටන් වදින ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයන්ට එරට ඇතැම් පිරිස් ‘කෙළ ගසමින්’ පහර දී ඇතැයි වාර්තා වේ. විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කරන ආකාරයට වෛද්‍යවරුන් නිවාසවලින් පන්නා දමා ඇති අතර, ඇතැම් අවස්ථාවල රෝගීන් විසින් හෙදියන්ට අපහාස වචනයෙන් බැණ වැදී ඇත.

සමහර වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් කෝවිඩ් – 19 වෛරසයට ගොදුරු වූ රෝගීන්ට නිරාවරණය වූවා යැයි පවසමින් අසල්වැසියන් විසින් කොන් කර දමා තිබේ. බීබීසී ලෝක සේවය වාර්තා කර ඇති එක් වීඩියෝවක දැක්වෙන්නේ මධ්‍ය ප්‍රදේශ්හි නගරයක් වන ඉන්දෝර්හිදී ආරක්ෂක ඇඳුම් සහ උපකරණ පැලඳ සිටින වෛද්‍යවරුන් දෙදෙනකුට මැර පිරිසක් විසින් ගල් මුල්වලින් පහර දෙන ආකාරයයි. කෝවිඩි – 19 ආසාදනය වී ඇතැයි සැක කෙරෙන කාන්තාවක පරීක්ෂා කිරීමට ජනාකීර්ණ ප්‍රදේශයකට යෑමේදී මෙලෙස ඔවුන් පහර කෑමට ලක්ව තිබේ. ප්‍රහාරයෙන්වෛ ද්‍යවරුන්ට තුවාල සිදුවී ඇති අතර පසුව සිදුවීම සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් 07 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර හාසියාබාද්හි රෝහලකට ඇතුළත් කරන ලද වෛරසය ආසාදනය වූවායැයි සැක කරනපුද්ගලයන් පිරිසක් විසින්ද සෞඛ්‍ය කාර්යමණ්ඩලයට හිරිහැර සිදු කර ඇත. ඉන් ඇතැමුන් හෙදියන්ට කෙළ ගසමින් පරිභව කර ඇති අතර ඇතැමුන් නිරුවතින් රෝහල පුරා ඇවිදිමින් අපහාස වචනයෙන් බැණ වැදී තිබේ. මෙලෙස සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සිදුවන හිරිහැර හේතුවෙන් දිල්ලිය ඇතුළු ප්‍රදේශ රැසක වෛද්‍යවරු සහ හෙදියන් විසින් පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇතැයිද වාර්තා වැඩිදුරටත් සඳහන්

අරුණ පුවත්පත ඇසුරෙනි

1 comment

හනිෆ්ඩීන් April 9, 2020 - 7:20 am

ඉන්දියාවේ මිනිසුන් අසාධාරණයකදී සාමාන්‍යයෙන් නිර්භයව පෙළ ගැසීම සාමාන්‍ය සිද්ධාන්තයකි. ඒ තරමට ඔවුන් නිර්භීත හා එමෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යය ඔවුන් හැකි අයුරින් බුක්ති විදිමට පුරුදු පුහුණු වී ඇත.

Reply

Leave a Comment

සබැඳි සටහන්....