කොවිඩ් වෛරසය මවුකිරි මගින් අසාදනය වන්නේ නෑ …

by Ravi Gamage

කෝවිඩ් 19 වෛරසය මව්කිරි මගින් ආසාදනය වන බවට මෙතෙක් සොයා ගෙන නොමැති බැවින් වෛරසය ආසාදනය වී ඇති ගර්භණී කාන්තාවක් දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුව එම දරුවාට අඛණ්ඩව මව්කිරි ලබා දීමට ඇයට හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කරයි. මෙහිදී මව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තම දරුවාට මව්කිරි ලබා දිය යුතු බැවින් රෝහල් කාර්ය මණ්ඩලය ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන බවට ඇය පැවසුවාය.

මව්කිරි තුළ ප්‍රතිශක්තිය ඇතිකිරීමේ ගුණය පවතින බැවින් දරුවා වෛරසයෙන් ආරක්ෂා වීමට එයම හේතුවක් වන අතර මවගේ ශරීරයට වෛරසය ආසාදනයවීම හේතුවෙන් ඇයගේ සිරුරේද වෛරසයට විරුද්ධව ප්‍රතිදේහ නිපදවීම ආරම්භ වීම ද දරුවා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට තවත් හේතුවක් බව අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නීය.

Leave a Comment

සබැඳි සටහන්....