Eco Tablet සන්නාම තානාපති ලෙස ධාවන ශූර ඩිලන්ත මාලගමුව පත්වේ…

වාහනවල එංජින් ක්‍රියාකාරීත්වය ඉහළ නංවන ඉන්ධන දහනය කාර්යක්ෂම කරන ලොව ප්‍රකට නිෂ්පාදනයක් වන Eco Tablet සන්නාම තානාපති වශයෙන් ප්‍රකට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව පත් කරන ලදී. ජාත්‍යන්තරය ජය ගත් කීර්තිමත් ධාවන ශූරයෙකු වන ඩිලන්ත මාලගමුවට Eco Tablet පිළිබඳව ඇති ඉහළ විශ්වාසය මෙම එකඟතාවට හේතු විය.

මම ජීවිතයේ සෑම වෙලාවකම ප්‍රමිතියෙන් ඉහළ දේවල් පාවිච්චි කරන කෙනෙක්. තරගයකදී හොඳ වාහන, හොඳ ටයර්, හොඳ ඉංජිනේරුවන් අවශ්‍ය වෙනවා. ඒ වගේ ඉහළ කාර්යක්ෂමතාවකින් ඉන්ධන දහනයත් ඉතා වැදගත්. මට මෑතකදී Eco Tablets ගැන දැන ගන්න ලැබුණා. ඉතිං මම මගේ ලැම්බෝගිනි රථයටම එය යොදා පරික්ෂා කළා. ඉන්පසුව චැසි ඩයිනෝ එකේ දාලා එහි ප්‍රමිතිය පරික්ෂා කළා. සැබැවින්ම එය අගනා නිෂ්පාදනයක්.” ඩිලන්ත මාලගමුව මහතා පැවසීය.

Eco Tablets වෙළෙඳපොළට නිකුත් කරන්නේ සි/ස සිලෝන් ග්‍රීන් ප්‍රොඩියුස් සමාගමයි.Eco Tablet නැනෝ තාක්ෂණය ඇසුරින් කාබනික ද්‍රව්‍ය පමණක් යොදා නිපදවයි. මෙය ඉන්ධන සමග මුසු කළ යුතු අතර පෙට්රල් වාහන සඳහා Eco Racing නමින්ද, ඞීසල් වාහන සඳහා Eco Diesel නමින්ද දෙවර්ගයකින් මිලට ගත හැකිය.

ශ‍්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය ECO Tablets පරිසර හිතකාමි නිෂ්පාදනයක් ලෙස සහතික කර ඇති අතර Eco Tablets භාවිතය එන්ජිමේ ආයු කාලය දෙගුණයකින් වැඩි වීමට සහ ස්පාර්ක් ප්ලග්, දහන කුටීර හා ඉන්ධන ටැංකිය පිරිසිදු වීමට හේතු වේ. Eco Tablets භාවිතයෙන් 20‍% – 50‍% අතර ඉන්ධන ඉතිරියක් සිදු වේ. Eco Racing ඔක්ටේන් අගය 5ත් 10ත් අතර වැඩි කරයි. Eco Diesel සීටේන් අගය 2ත් 5ත් අතර වැඩි කරයි. එසේම කාබන් මොනොක්සයිඞ් පිටවීම 100%ක් සහ සල්ෆර් ඩයොක්සයිඞ් පිටවීම 99%ක් අඩු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here