මොකක්ද මේ කළු දිලීරය…

මේ වන විට කොරෝනා වසංගතයත් එක්කම ඉන්දියාවේ පැතිර යන මේ කළු දිලීරය කියන්නෙ මොකක්ද? ඉන් අපටත් බලපෑමක් වෙන්නට පුළුවන්. මොකද ඉන්දියාව ආසන්නයේම හිඳිනා අප රට ඉන්දියාව සමඟින් අන්‍යොන්‍ය සබඳතා පවත්වාගෙන යන නිසා.

(Black fungus) කළු දිලීරය කියන්නෙ ඉතාමත් දුර්ලභ ආසාදන තත්ත්වයක්. මෙය ආසාදනය වෙන්නෙ දිලීර (පුස්) වර්ගයකින්. ඒ පුස් වර්ගය අවට වාතයේ, පසේ, නරක් වූ එළවළු පලතුරුවලවිතරක් නෙවෙයි නිරෝගී මිනිසෙකුගේ නාසයේ හෝ සෙම් සොටු ආදියේ පවා රැඳී තිබෙන්න පුළුවන්

මේ රෝගය ආසාදනය වූවන්ගෙන් 50% ක්ම මරණයට පත්වෙනවා. බේරාගැනීමට හැකියාව ලැබෙන්නේ ඇසක් ඉවත් කිරීමෙන් පමණයි. කොරෝනා ආසාදනයට ගොදුරු වී සුවය ලද අය තුළ මේ රෝගය ආසාදනය වීමට ඉඩ තියෙනවා

ඉන්දියාවේ මේ වෙලාවෙ පැතිර යන මේ රෝගය වැළඳුනු අය පිළිබඳව අධ්‍යයනයේදී පැහැදිලි වන්නේ දියවැඩියාව සහිතව කොරෝනා ආසාදනයට ලක්ව සුවපත් වූවන් මෙම රෝගයට ගොදුරුව ඇති අන්දමයි.

ඒ කොරෝනා මැඬලීමට ශාරීරික උත්තේජක ලබාදීමත් සමඟයි. සාමාන්‍යයෙන් කොරෝනා ආසාදනයෙන් සුවපත් වී දවස් 12- 18 ත් අතර කාලයේ දී මෙම දිලීරය ආසාදනය වීමට වැඩි ඉඩක් පවතින බව තමයි වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වන්නේ

මේ රෝගය ආසාදනය වූවන්ට විධිමත් ප්‍රතිකාර නිසි අවස්ථාවේ ලබා නොදුන්නොත්  මරණ අනුපාතය 94% දක්වා ඉහළ යෑමට පුළුවන්. හැබැයි ප්‍රතිකාර සඳහා යන වියදම අධිකයි. සාමාන්‍යයෙන් කොරෝනා වසංගත තත්ත්වයට කලින් මෙම රෝගීන් වාර්තා වුණේ වසරකට එක් අයෙක් හෝ දෙන්නෙක් පමණයි

ඒ වගේම මෙම රෝගය වැළඳෙන වැඩි දෙනෙක් පිරිමි අය බව ඉන්දීය වෛද්‍යවරයෙක් විසින් කරන ලද අධ්‍යයනකදී හෙළිදරව්ව තිබෙනවා. මේ අවස්ථවේ වැඩි දෙනෙක් මේ රෝගයට ගොදුරු වන්නේ එය වැළඳීමට ප්‍රතිශක්තිය හීන වීමත් දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම කොවිඩ් ප්‍රතිකාර වලදී වෙනස් වීමත් හේතුවක් බව පැහැදිලිව පෙනෙනා කරුණක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here