කොවිඩ් එන්නතෙන් ඔසප් අක්‍රමිකතා වීමට ඉඩක්….?

මොඩර්නා එන්නත ලබා ගැනීමෙන් පසු ඔසප් වීමේ දී අසාමාන්‍ය ලෙස රුධිරය වහනය වීමක් අත්විඳි බව සඳහන් කරමින් මිනිස් සෞඛ්‍ය සහ රෝග, සෞඛ්‍ය සත්කාර ක්‍රමවේද සහ ජෛව සංස්කෘතික අනුවර්තනය පිළිබඳ මානව විද්‍යාඥ ආචාර්ය කේට් ක්ලැන්සි ට්විටර් පණිවිඩයක් පළ කර තිබුණා.
එයට සමාන අත්දැකීම් රාශියක් පිළිබඳව ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ආචාර්ය කැතරින් ලී  පුද්ගලයන්ගේ අත්දැකීම් ලේඛනගත කරමින් සමීක්ෂණයක් දියත් කර ඇත.
එනමුත් මෙම වෙනස්කම්වලට එන්නත හේතු වී ඇත්දැයි අප තවමත් නිවැරදිව නොදනිතත්, එය තවමත් අධ්‍යයන මට්ටමේ පවතින්නක්.
මේ පිළිබඳව ලන්ඩන් ඉම්පීරියල් කොලේජ්හි ප්‍රජනක ප්‍රතිශක්ති විද්‍යාඥ ආචාර්ය වික්ටෝරියා මාලේ පැවසුවේ පශ්චාත් ආර්තවහරණයෙන් පසුවන ඇතැම් කාන්තාවන් සහ හෝමෝන ගැනීමෙන් ඔසප් වීම නැවතුණු පුද්ගලයින් අතර ද එන්නත ගැනීමෙන් පසුව රුධිරය වහනය
වීමක් වාර්තා වී ඇති බවයි.
ඔසප් වීම සාමාන්‍යයෙන් සිදු නොවන සංක්‍රාන්ති ලිංගික පුරුෂයන් සහ පශ්චාත් ආර්තවහරණයෙන් පසුවන කාන්තාවන් ගණනාවක් කේට් ක්ලැන්සි සහ කැතරින් ලී යන ආචාර්යවරුන් වෙත අදහස් දක්වමින් කියා සිටියේ, එන්නත ලබා ගැනීමෙන් පසු තමන් රුධිර වහනයක් අත්විඳි බවය.මෙම සිද්ධීන් සම්බන්ධව සනාත කළ  හැකි තොරතුරු නොමැති වුවද, එන්නත නිසා ඔසප් වීමේ වෙනස් කම් ඇති විය හැකි බවට තාර්කික කරුණු ඉදිරිපත් වී තියෙනවා. නමුත් මෙම වෙනස්කම් ගැන බිය විය යුතු නැතැයි ප්‍රජනන විශේෂඥයෝ පවසනවා.

ගර්භාෂ ආස්තරය කියන්නෙ  ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටසක්. කොහොමත්  ශරීරයේ සෑම කොටසකම ප්‍රතිශක්තිකරණ සෛල පවතිනවා.
බොහෝ දෙනෙක් නොදන්නව වුණාට ගර්භාෂයේ ආස්තරය ගොඩනැගීම, නඩත්තු කිරීම හා බිඳ දැමීම සඳහා ද ප්‍රතිශක්තිකරණ සෛල බොහෝ සේ ඉවහල්  වෙනවා. ගැබ් ගැනීමක් සඳහා සූදානම් වන විට එය ඝන වන අතර, ඩිම්බය සංසේචනය නොවුණ හොත් රුධිරය ලෙස පිටව යනවා.

ඉතින් කොවිඩ් සඳහා එන්නත ලබා දීමෙන් පසු, ප්‍රතිශක්තිකරණ සෛලවලට බලපෑම් කිරීමේ හැකියාවක් සහිත රසායනික සංඥා විශාල ප්‍රමාණයක් ශරීරය පුරා සංසරණය වෙන්නට පටන් ගන්නවා. ඒ අනුව ආචාර්ය වික්ටෝරියා මාලේ පැහැදිලි කරන්නේ මෙම තත්ත්වය ගර්භාෂ ආස්තරය ක්ෂය වීමට හේතු විය හැකි බවයි. එබැවින් නියමිත කලට පෙර ඔසප් වීම හෝ රුධිර බිංදු පිටවීමට හේතුවක් විය හැකි බවයි.
එනමුදු මෙම තත්ත්වය ගබ්සාවකට හේතු වීමකට පුළුවන් කමක් නොමැති බව තමයි කරුණු අනාවරණය වන්නේ. ඒ වගේම යම් අයෙකුට උණ නිසා ඇතිවන ප්‍රදාහය ගර්භාෂ ආස්තරයට වගේම ඩිම්බ කෝෂ මුදාහැරීමට ද බලපෑම් ඇති කළ හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඇලෙක්සැන්ඩ්‍රා ඇල්වර්ග්න් පෙන්වා දෙනු ලැබුවා. ඒ අනුව නියමිත දිනට පෙර හෝ පසුව ඔසප් වීම සිදුවන්නට පුළුවන්.
කල්හාරි දසනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here