ගෙදර හදල බිත්තර රොටි කමු

by Ravi Gamage

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි කෝප්ප 2
  • බිත්තර 7ක්
  • වතුර කෝප්ප 1
  • ලුණු තේ හැදි 1ක්
  • තෙල් මේස හැදි 4ක්
  • ගම්මිරිස් මේස හැදි 1ක්

සාදන ක්‍රමය

පළමුව බදුනකට පාන් පිටි දමා එයට ලුණු තේ හැදි 1 හා තෙල් මේස හැදි 1ක් දමා හොදින්  කවලම් කරගන්න. ම්ශ්‍රණය හොදින් කවලම් වු පසු ටිකෙන් ටික වතුර එකතු කරගන්න. පසුව නැවත තෙල් මේස හැන්දක් එකතු කරගන්න. නැවත කවලම් කර පිටි මෝලිය බෝල 7කට ගුලි කරගන්න. එය තැටියක අසුරා ඒ සියල්ලම ඉතිරි වු තෙල් වල තවරා ගන්න.

දැන් එය ආවරනය කර පැය 2 පමන තැබූ පසු එක බැගින් ගෙන ඉතාමත් සිහින් වන ලෙස තුනී කරගන්න. අනතුරු එය රත් වු රොටී තැටියක තබා ඒ සමගම බිතරයක් එකතු කරගන්න. බිත්තරය මතට ලුණු ගම්මිරිස් ස්වල්පයක් දමා කුඩා හැන්දකින් බිත්තරය රොටිය මතදී කවලම් කරගන්න.  මේ අතර ඔබ කැමති නම් සිහින්ව කපාගත් කැරට්, ලීක්ස්, අමු මිරිස් ස්වල්පයක් එකතුකර ගැනීමෙන් තවත් රසකර ගත හැක. මීලගට බිතරය වැසෙන පරිදි රොටියේ කොන් හතරින් ඇතුල් පැත්තට නවාගන්න. ටික වෙලාවකින් රොටිය අනිත් අත හරවා පිසුනු පසු තැටියෙන් බාගන්න.

Leave a Comment

සබැඳි සටහන්....