දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදලේ මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකු අද දින (30) නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
කොළඹ මහාධිකරණය විසින් අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර තිබෙනවා.