නිරෝධායනට ගෙනයමින් උන් පිරිසක් අනතුරට.. තිදෙනෙකුට බරපතලයි

by Ravi Gamage

කිලිනොච්චිය විඩත්තපලෙයි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගමන්කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ලෙබනනයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් බස් රථයකි.

අනතුර හේතුවෙන් 17 දෙනෙකු තුවාල ලබා පලෙයි රෝහලට ඇතුලත්කර තිබෙන අතර ඉන් බරපතළ තත්වයේ පසුවූ රියදුරු ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

Leave a Comment

සබැඳි සටහන්....