ලපකැළැල් වලින් තොර මුහුණක් තමයි හැමෝගෙම බලාපොරොත්තුව. ඒ වුණත් හැමෝටම එහෙම නැහැ. නොයෙක් හේතු නිසා සමේ ඇතිවන යම් යම් හේතූන් නිසා පැහැපත් බව පවත්වාගෙන යන්න අපහසු වෙනවා.
පිග්මන්ටේෂන් වැනි තත්ත්වයක් ඇතිවන්නේ මොන ආකාරයෙන්ද කියලා ගොඩක් අය දැනුවත් නැහැ. බොහෝ අය ඒ ගැන හිතන්නෙ නැහැ. නිහඬව ඉන්නවා. එතකොට එම තත්ත්වය තව තව වර්ධනය වෙනවා.
කොණ්ඩයට පාවිච්චි කරන ඩයි ප්‍රමිතියකින් තොරව ආලේප කිරීමත් දක්වන්න පුළුවන්.
ඉස්සරට වඩා අද මේ තත්ත්වය දකින්නට ලැබෙනවා වැඩියි. ඉස්සර අපි මේ තත්ත්වය දුටුවේ වඩාත්ම වයසට යාමත් එක්ක. ඒත් අද මේ සඳහා වයස් භේදයක් නැහැ.ඕනෙම වයසක අයෙකුගෙ මුහුණේ මෙම පිග්මන්ටේෂන් දක්නට පුළුවන්.
මෙවැනි අය ෆේෂල් කිරීමේදී වඩාත් සැලකිලිමත් වෙන්නට ඕනෙ. විශේෂයෙන් මෙවැනි අය පේෂල් කිරීමේදී සම හඳුනාගෙන ප්‍රතිකාර කළහැකි අය ලවා එය කරගන්නවා නම් හොඳයි. එහෙම නැතුව හිතුමතේ ෆේෂල් කිරීමට යාම නම් හොඳ දෙයක් නෙවෙයි.
මොකද ෆේෂල් කිරීමේදී ඍජුව ස්ටිච් කිරීම මගින් මෙය තවත් වැඩිවන බව හඳුනාගෙන තියෙනවා.
මෙම තත්ත්වයට වඩාත් ගැළපෙන්නේ හොඳ ස්වභාවික පැක් එකක් යෙදීම. ඒ වගේම සන් ප්‍රොටෙක්ෂන් එකක් භාවිත කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි රූපලාවණ්‍ය උපෙදස් අනුව තම ආහාර රටාව පාලනය කර ගන්නවා නම් මේ තත්ත්වය මගහරවා ගන්නට ඇත්තටම හැකියාව තියෙනවා.
කල්හාරි