මුස්ලිම් ජනතාවට මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ.. සහරාන් මේක කළේ වෙන පාර්ශ්වයක උවමනාවකට – මුජිබර් රහුමාන්

සහරාන් හෂීම් විසින් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කර ඇත්තේ වෙනත් පාර්ශවයකගේ අවශ්‍යතාවයක් මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසා තිබෙනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රටේ ජීවත්වන මුස්ලිම් ජනතාවට මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නොමැති බවත්, ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් පිළිබඳ නිසි තොරතුරු ලබාගැනීමට නම් එයට සම්බන්ධ රටින් පලා ගොස් ඇතැයි කියන සාරා නමැති කාන්තාව මෙරටට ගෙන්වා ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here