සුජීව දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඉදිරියේදී තමන් ව්‍යාපාර කටයුතු සිදු කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවත්, ලබන වසරේ සිට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා යොමු වීමට අදහස් කර සිටින බවත් ඔහු පවසා තිබේ.

එසේම නැවතත් දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

පසුගිය මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඔහු තරඟ වැදුන ද ජයග්‍රහණය කිරීමට හැකි වූයේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here