මං ජනාධිපති වුණොත් මීට වඩා හොඳට රට පාලනය කරනවා – මංගල සමරවීර

by Ravi Gamage

තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූවොත් මීට වඩා හොඳින් රට පාලනය කරනු ඇති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

තමන් මෙරට ජනාධිපතිවරයා වීමට කැමැත්තක් ඇතත් එය තීරණය කළ යුත්තේ මෙරට ජනතාව විසින් බවද ඔහු පැවසුවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණීමෙන් පසු පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

කෙසේ නමුත් තමන් මේ දවස්වල කිසිදු දේශපාලනයක් නොකරන බවත් නිවසට වී ටික්-ටොක් පමණක් සිදුකරන බවත් ඔවුහු තව දුරටත් කියා සිටියේය.

1 comment

Sunil C. B. September 30, 2020 - 8:02 pm

Oluwan tiyana manussayak khamati whannhe nhe. Samanalayoooo khamati whai.

Reply

Leave a Comment

සබැඳි සටහන්....