නිවසට වාසනාව අරගෙන එන අපූරු නිමැයුම්

by Ravi Gamage

ගොඩක් අය ලස්සන ජීවිතයක් ගත කරන්න හීන දකිනවා. ඒ හීන ඇතුළෙ සොඳුරු නිවසක් වාහනයක් වගේම සතුට සැනසුම සෞභාග්‍යයත් ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ගෙදරට වාසනාව අරගෙන එන ගොඩක් දේවල් ගෙදරට එකතු කර ගන්න දෙපාරක් නම් හිතන්නෙ නැහැ. කොහොමත් වාසනාව සෞභාග්‍යය ගැන හිතන බොහෝ දෙනෙක් පෙන්ෂුයි කියන දේ ගැන ගොඩක් විශ්වාස කරනවා.

ඒ විශ්වාසය පදනම්ව වාසනාව නිවෙසට අරගෙන එන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරන්න හිතුවා.

මකරා…
පෙන්ෂුයි ක්‍රමයට අනුව චීනයේ අමතක නොකරන සත්වයෙක් විදියට තමයි මකරව සැලකෙන්නේ. ලා දම් පාටින් සුදු පාටින් වීදුරුවලින් නිමවා තිබෙන මකරකුගේ රූපයක් නිවසේ නැගෙනහිර දිශාවෙන් තැබූ විට වාසනාව උදාවෙන බවයි විශ්වාස කෙරෙන්නේ.

ඉබ්බන්…
ඉබ්බන් කියන්නෙත් වාසනාවේ දොරටු විවර කිරීමක්. ඉබ්බන් තබන්න වෙන්නෙ නිවසේ උතුරු පැත්තෙන්. එහෙම කළාම රැකියාවේ දියුණුවක් වගේම ගෙහිමියාව ඉදිරියට තල්ලු කිරීමේ ශක්තියක් ලැබෙන බවටද විශ්වාසයක් පවතිනවා.

කොටියා…
මුදල් එල්ලූ කොටියකු නිවසේ තබාගැනීමෙන් නිවසට අඩුවක් නැතිව ධනය ගලාගෙන එන බවටයි විශ්වාස කෙරෙන්නේ.

කුරුලු ජෝඩුවක්…
ක්‍රිස්ටල්වලින් නිමවා තිබෙන මේ කුරුලු ජෝඩුව සුදු වර්ණයෙන් නිමවා තිබෙනවා නම් බොහොම අපූරුයි කියලා තමයි පෙන්ෂුයි විශ්වාස කරන අය පවසන්නේ. ඒ අනුව නිවසේ නිරිත දිශාවෙන් මේ කුරුලු ජෝඩුවක් තැබීමෙන් වාසනාව අරගෙන එනවාලු.

කොක්කු ජෝඩුවක්…
විසිතුරු භාණ්ඩයක් විදියට නිවසේ අලංකාරයට එකතු කර ගන්න පුළුවන්. මේ කොක්කු ජෝඩුව වයඹ දිශාවේ තබා ගැනීමෙන් නිවසේ ජීවත් වන අයට දීර්ඝායුස ලැබෙන බව තමයි විශ්වාසයේ පවතින්නේ.

මැන්ඩරීන් ඩක්ස්…
මේ තාරාවන් දෙන්නා සුදු පැහැයෙන් යුක්තයි. ඔවුන්ගේ හොට සහ ඇස් තටු වටේට රත්‍රන් පැහැය ආලේප කර තියෙනවා. මේ වගේ සතුන් නිවසේ තබා ගැනීමෙන් විවාහය පමා වූවන්ගේ විවාහය ඉක්මන් කෙරෙනවාලු.

ක්වාන්තුංග්…
ක්වාන්තුංග් නිවෙස තුළ තබා ගත්තොත් නිවසේ ආරක්ෂාව සැලසෙන බවට විශ්වාසයක් පවතිනවා. එවිට සොර සතුරු බිය පහළ යනවාලු. ඒක නම් ඇත්තටම හොඳ ආරංචියක් නේද?

ඇමතිස්…
ඇටනීස් කියන ගල් විශේෂයෙන් නිමවන ලද මෙම ගල් සමූහය නිවසේ තබා ගැනීමෙන් වාසනාව අරගෙන එනවා විතරක් නෙවෙයි නිවසේ ජීවත් වන අය ශක්තිමත් පුද්ගලයන් බවට පත්වෙනවා කියලා තමයි පෙන්ෂුයි ශාස්ත්‍රය අනුව පැහැදිලි වෙන්නේ.

කල්හාරි

Leave a Comment

සබැඳි සටහන්....