ඔමේගා 3 මේද අම්ල මේ තරමටම වැදගත් ඇයි?

by Ravi Gamage

ඔමේගා 3 ෆැටි ඇසිඩ් වලින් මානසික අවපීඩනය හා කාංසාව දුරු කරන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ලොව පුරාම මානසික ආතතියෙන් පෙළෙන අය බහුලයි. එම තත්ත්වයට පත් වූවන් නිතරම පසුවන්නෙ ශෝකය, උදාසීනතාවය පෙරදැරිව ජීවිතය පිළිබඳ සාමාන්‍ය උනන්දුවක් නැතිවයි. මෙහිදී මතුවන ලක්ෂණ අතර කාංසාව ප්‍රබලයි.
නමුත් අද වන විට සිදුකර ඇති පර්යේෂණවලට අනුව පැහැදිලි වන්නේ ඔමේගා 3 නිතිපතා පරිභෝජනය කරන පුද්ගලයින් මානසික අවපීඩනයට ගොදුරු වීමේ ඉඩකඩ බොහොමත් අඩු බවයි.
ඒ වගේම මානසික අවපීඩනය හෝ කාංසාව ඇති පුද්ගලයින් ඔමේගා -3 ලබා ගැනීමට පටන් ගත් විට, ඔවුන්ගේ රෝග ලක්ෂණ පහව යන බවත් එම පරීක්ෂණ අනුව තහවුරු කර තිබෙනවා.

ඔමේගා -3 මගින් ඇස් පෙනීම වැඩි දියුණු කරගන්න පුළුවන්.
ඔමේගා 3 වර්ගයේ පවතින DHA කාණ්ඩය ඔබේ ඇසේ දෘෂ්ටි විතානයේ ප්‍රධාන ව්‍යුහාත්මක අංගයක් විදියට තමයි සැලකෙන්නේ. ඉතින් ඔබට ප්‍රමාණවත් තරම් DHA නොලැබෙන විට, දෘෂ්ටි ගැටලු ඇතිවෙන එක සාමාන්‍යයි.

ගර්භණී සමයේදී…
ඔමේගා 3 වලින් ගර්භණී සමයේදී සහ මුල් ජීවිතයේදී මොළයේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කළ හැකි බැවින් එය ළදරුවන්ගේ මොළයේ වර්ධනය හා සංවර්ධනය සඳහා ඉතා වැදගත් පෝෂකයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්.
ඔබේ මොළයේ බහු අසංතෘප්ත මේද අම්ල වලින් 40% ක් සහ ඔබේ ඇසේ දෘෂ්ටි විතානයේ 60% ක් DHA හි අඩංගු වෙනවා. ඉතින් ගර්භණී සමයේදී ප්‍රමාණවත් ඔමේගා -3 ලබා ගැනීම ඔබේ දරුවාට ලැබෙන ප්‍රතිලාභ රැසක් අත්කර දීමට හේතුවක්.
ඒ අනුව ඉහළ බුද්ධිය, වඩා හොඳ සන්නිවේදනය සහ සමාජ කුසලතාවලදී ඇතිවන චර්යාත්මක ගැටළු අඩුයි. එවිට දරුවාගේ වර්ධනය මෙන්ම සංවර්ධනය ඉහළ මට්ටමක තබා ගැනීම පහසුයි. එවන් පෝෂණයක් ලබන දරුවන්ට ඔටිසම්, මස්තිෂ්ක ප්‍රදාහය ආදිය ඇතිවීමේ අවදානම බෙහෙවින් අඩුයි.
ඉතින් ගර්භණී සමයේදි ප්‍රමාණවත් ලෙස ඔමේගා -3 ලබා ගැනීම ඔබේ දරුවාගේ වර්ධනය සඳහා අතිශය වැදගත්. මෙවන් දරුවන්ගේ බුද්ධි වර්ධනය ඉහළයි. ඒ වගේම ඇතැම් රෝග අවදානම ද අඩු කරන්න පුළුවන්.

හෘද රෝග අවදානම අඩු කරනවා…
ඔමේගා 3 මගින් හෘද රෝග අවදානම අඩු කරනු ලබනවා. දන්නවද ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වන්නට ප්‍රධානතම හේතුව හෘදයාබාධ හා ආඝාතය බව.එම අවදානම් තත්ත්වයන් ගෙන් ඔමේගා 3 මේද අම්ල ගැනීමෙන් මිදෙන්න පුළුවන්.

ඔමේගා 3 මේද අම්ල ගැනීමෙන් …
ඔමේගා 3 ගැනීමෙන් ට්‍රයිග්ලිසරයිඩ 15-30%ක් වගේ ප්‍රමණයක් අඩු කෙරෙනවා.
ඒ වගේම අධි රුධිර පීඩනය ඇති පුද්ගලයින්ගේ රුධිර පීඩන මට්ටම අඩු කරන්නත් දායක වෙනවා.
ශරීරයට හිතකර කොලෙස්ටරෝල් ඒ කියන්නෙ HDL මේද අම්ල ඔමේගා -3 ගැනීමෙන් ඉහළ නැංවෙනවා.
ඒ විතරක් නෙවෙයි, ඔමේගා -3 මගින් රුධිර පට්ටිකා එකට ගැටීම වළක්වනවා. එය හානිකර රුධිර කැටි ගැසීම් වලක්වා ගැනීමට උදව් වීමක්.
ඉතින් මේ ආකාරයට ඔබේ ධමනි සුමටව හා හානිවලින් තොරව තබා ගැනීමට ඔමේගා 3 වැඩි දායකත්වයක් සපයනවා.

අත්‍යවශ්‍යම මේද අම්ලයක්…
ඇත්තටම ඔමේගා 3 කියන්නෙ මිනිස් ශරීරයට අත්‍යවශ්‍යම මේද අම්ලයක්. මෙමගින් ළමුන් තුළ ඇතිවන ADHD ඒ කියන්නෙ අධි ක්‍රියාකාරිත්වය සහ අවේගශීලීත්වය අඩු කළ හැකි බව පර්යේෂණ මඟින් සනාතව තියෙනවා. මේ පර්යේෂණ මඟින් ADHD රෝගයට ගොදුරු වූ දරුවන්ගේ ඔමේගා 3 මේද අම්ල මට්ටම ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න සම වයසේ මිතුරන්ට වඩා අඩු බව හඳුනාගෙන තියෙනවා.
ඔමේගා -3 ගැනීම අවධනය වැඩි කිරීමට හේතුවක්. ඒ වගේම අධි ක්‍රියාකාරීත්වය, ආවේගශීලී බව, නොසන්සුන්කම සහ ආක්‍රමණශීලී බව අඩු කෙරෙනවා.

අධ්‍යයනවලට අනුව පෙනී යන්නේ ඔබේ ජීවිතයේ පළමු වසර තුළ ප්‍රමාණවත් ඔමේගා -3 ලබා ගැනීම මගින්, පළමු වර්ගයේ දියවැඩියාව, ඇතුළු බොහෝ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග සඳහා ඇති අවදානම අඩු කිරීමට සමත් වී ඇති බවයි.

ඔමේගා -3 මගින් මානසික ආබාධ අඩු කරන්නට හැකියාව තියෙනවා.
මනෝ චිකිත්සක ආබාධ සහිත පුද්ගලයින්ගේ අඩු ඔමේගා 3 මට්ටමේ පසුවන අය බව හඳුනාගෙන තියෙනවා.

භින්නෝන්මාදය ඇති පුද්ගලයින්ගේ ඔමේගා -3 අතිරේකය මගින් මනෝභාවය වෙනස් වීමේ හා නැවත ඇතිවීමේ වාර ගණන අඩු කළ හැකි බව අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම වයසත් සමඟින් ඇතිවන මානසික පරිහානිය හා ඇල්සයිමර් වැනි රෝග සමඟ සටන් කරන්නත් හැකියාව තියෙනවා.

ඔමේගා 3 පිළිකා වැළැක්වීමට උපකාරී වන බව පර්යේෂණ මඟින් සනාතව තියෙනවා. ඒ අනුව
ඔමේගා 3 වැඩියෙන් පරිභෝජනය කරන පුද්ගලයින්ට මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම 55% ක් දක්වා අඩු බව හඳුනාගෙන තියෙනවා.
මීට අමතරව, ඔමේගා 3 පරිභෝජනය පිරිමින්ගේ පුරස්ථි පිළිකා සහ කාන්තාවන්ගේ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමත් අඩු කෙරෙන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

ඔමේගා -3 මගින් අක්මාවේ මේදය අඩු කරගන්න පුළුවන්. ගොඩක් අය නොදන්නව වුණාට මධ්‍යසාර නොවන මේද අක්මා රෝග (NAFLD) බහුලව දක්නට ලැබෙනවා. බහුල ලෙස දක්නට ලැබෙන තරබාරු කම බටහිර ලෝකයේ නිදන්ගත අක්මා රෝග සඳහා වඩාත් පොදු හේතුවක් ලෙස හඳුනාගෙන තියෙනවා.

කෙසේ වෙතත්, ඔමේගා 3 මේද අම්ල මගින් NAFLD සහිත පුද්ගලයින්ගේ අක්මාවේ මේදය හා ප්‍රදාහය ඵලදායී ලෙස අඩු කිරීමට සමත්.
ඔමේගා -3 අස්ථි හා හන්දි වල සෞඛ්‍යය වැඩි දියුණු කරනවා.
ඔස්ටියෝපොරෝසිස් සහ ආතරයිටිස් යනු ඔබේ අස්ථි පද්ධතියට ප්‍රබලව බලපෑම් එල්ල කරන තත්ත්වයක්.
අධ්‍යයනවලින් පෙනී යන්නේ ඔමේගා -3 මගින් ඔබේ අස්ථිවල ඇති කැල්සියම් ප්‍රමාණය ඉහළ නැංවීමෙන් අස්ථි ශක්තිය වැඩි දියුණු කළ හැකි අතර එමඟින් ඔස්ටියෝපොරෝසිස් අවදානම අඩු විය හැකි බවයි. ඒ අනුව ඔමේගා 3 වැඩියෙන් ගන්නා අයට සන්ධි රෝග වැළඳීමේ අවදානම අඩුයි.

ඔමේගා -3 මගින් ඔසප් වේදනාව සමනය කිරීමේ හැකියාවක් පවතිනවා. නවතම පර්යේෂණ අනුව කියැවෙන්නේ ඔමේගා 3 වැඩිපුර පරිභෝජනය කරන කාන්තාවන්ට අවම ඔසප් වේදනාවක් ඇති වන බවයි.

ඔමේගා 3 මේද ඔබේ සමට හොඳයි.
එමඟින් නිරෝගී සෛල පටලයක් මෘදු, තෙතමනය, පරිපූරක හා රැළි රහිත සමක් ඇති කරනවා. ඒ අනුව ඔබේ සමේ නොමේරූ බව රැකගෙන වයසට යාම අඩු කෙරෙනවා. කුරුලෑ ඇතිවීමේ අවදානම අඩු කෙරෙනවා. ඔමේගා -3 මගින් ඔබේ සම හිරු කිරණින් ආරක්ෂා කෙරෙනවා.

කල්හාරි

 

Leave a Comment

සබැඳි සටහන්....