මුස්ලිම් ජනතාව සඳහා වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ලබා දෙන්නැයි පසුගිය රජයේ ප්‍රධානීන්ට යෝජනාවක් ඉදිරිපත් කල බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.
අම්පාර දිස්ත්‍රික්කයේ වෙරලබඩ කලාපයේ මෙසේ වෙනම පරිපාලන දිස්ත්‍රික්කය ලබාදිය යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තමන් ඉල්ලීම් කල බවද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමිනි.
යම් පළාතක ජනතාව දේශපාලන වශයෙන් මෙසේ ඉල්ලා සිටීම සාධාරණ බවද පැවසූ ඔහු එය ජාතික සංහිදියාවට බාධාවක් නොවන බවද කියා සිටියේය.
එම ඉල්ලීම ඔලුවිල් ප්‍රකාශයේ කොටසක් විය හැකි බවත් මුස්ලිම් කොංග්රස් නායකයා තව දුරටත් පැවසීය.
මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන ඒකකයක් අවශ්‍ය බවට වන මතයේ අදටද සිටිනා බව ඔහු එහිදී පැවසීය.
1 comment
Kisith lhaba nodi topi Moshi karadaranam lhabah dunnothin topi ahphe bhallata kaduwa tihya balapham karai.