කිචන් එකේ ඔයාගේ ඇහැ නිතර ගැටෙන තැනක් වුණත් ඒකෙන් ප්රයෝජනයක් ගන්න බැරි වෙච්ච තැනක් තමයි මේ පෙන්නන්න හදන්නේ. ඒ තමයි ඔයාගේ කිචන් එකේ තියෙන සින්ක් එක යට කොටස. සමහරවිට පැන්ට්රි කබඩ්ස් එතැනට සවි කරලා තියෙන්න හෝ නොතියෙන්න හරි පුළුවන්. ඒ කොහොම වුණත් සින්ක් එක යට තියෙන කොටසට පිළිවෙලකට රාක්ක ටිකක් සවි කරගත්තනම් කිචන් එකේදී ඔයාට නිතර ඕනි වෙන කිචන් ටවල්ස්, සේදුම් දියර වර්ග, පිරිසිදු කරන උපාංග, ටිෂූ වගේ දේවල වැඩිපුර ප්රමාණය ගබඩා කරලා තියාගන්න පුළුවන්.