කෙට්ටු වෙන්න ආස ඔයාටමයි මේ රහස

by Ravi Gamage

ගැහැනු ළමයෙක් වුණාම ටිකක් හැඩට ඉන්න ඕනනෙ. ඒත් ඉතින් එන්න එන්නම තරබාරු වෙන සිරුරට කොහොම ලස්සනක් අරගෙන එන්නද කියන එක හිතාගන්න බැරිව ඉන්න ඔයාලට පුංචිම පුංචි රහසක් කියන්නයි මේ සූදානම. ඒ කොච්චර මහන්සි වුණත් හැඩකරගන්න බැරි වුණු, කෙට්ටු කරගන්න බැරි වුණු ඇඟ හැඩකරගන්නෙ කොහොමද කියලා.

පටන් ගැන්ම බොහොම ලෙහෙසියි. මහ ලොකු දේවල් අවශ්‍ය නැහැ. මුළුතැන්ගෙයට ගියාම ඕනෙම අයෙකුට හොයාගන්න පුළුවන් දේවල් භාවිතයෙන් තමයි මේ වෙනස කරන්න සූදානම් වෙන්නේ.

ඇත්තටම ගොඩක් පහසුවෙන් අනවශ්‍ය තරබාරුවට යන්න කියලා හැඩකාර පෙනුමක් කැන්දාගන්න පුළුවන්.

දෙහි යුෂ පානයෙන්…


හැම දවසක්ම දෙහි යුෂ යෙදූ උණුසුම් වතුර කෝප්පයකින් ආරම්භ කරන්න පුළුවන් නම් ඔබේ තරබාරුව එළවා දමන්න පහසුයි.
ඉතින් මේ දෙහි යුෂ මිශ්‍රිත උණුසුම් වතුරට මී පැණි ස්වල්පයක් එක් කරන්න පුළුවන් නම් ලැබෙන ප්‍රතිඵලය ගොඩක් ඉක්මන් වෙයි.
දෙහි යුෂ උදරයේ මේද අඩු කරනවා. ඒ බව දැනගෙන තමයි අතීතයේ අපේ අය දෙහි යුෂ පානයක් විදියට බොන්නට පුරුදුව සිටියේ. එදා ගැහැනු ළමයි හරිම හැඩකාරයි. එයාලා අනවශ්‍ය විදියට තරබාරුව හිටියෙත් නැහැ. ඒ මේ වගේ ඖෂධීය පානයන් එයාලගෙ දෛනික ආහාර පාන අතරට එකතු කර ගත්තු නිසා. සති දෙකක් විතර උණුසුම් වතුර කෝප්පයකට දෙහි යුෂ එකතුකරලා හිස් බඩ බීලා බලන්නකො. වෙනස කොහොමද කියලා.

තේත් එක්ක ඉඟුරු…


ඉස්සර අය පුරුද්දක් විදියට තේ කෝප්පයට ඉඟුරු කෑල්ලක් එකතු කළා. ඒත් අද ඒ පුරුද්ද ක්‍රමයෙන් මඟ හැරෙමින් යන බවක් පේනවා.
දවසට දෙපාරක් ඉඟුරු දමපු තේ බීලා වෙනස කොහොමද බලන්න. හැබැයි ඒ තේ කෝප්පයට සීනිවත් කිරිවත් එකතු කරන්න එපා. එහෙම වුණොත් ඔබට අපේක්ෂිත ප්‍රතිඵල ලබාගන්න බැරි වෙයි.
ඉඟුරු මඟින් ශරීරයේ උෂ්ණත්වය ඉහළ නංවනවා. ඒ වගේම මේදය දහනය කිරීම ඉක්මන් කෙරෙනවා. ඉතින් අපේ සිරුර මහත් වෙන්නෙ අනවශ්‍ය විදියට මේදය තැන්පත් වීම නිසා. ඉඟුරු නිසා ඒ මේදය දහනය වෙනකොට තැන්පත් මේදය දහනය වෙනවා. එතකොට නොදැනිම තරබාරුව පැනලා යනවා.

සැරයි කියලා තක්කාලි කන්න බයයි ද?


අපි ක්‍රිස්පි වර්ග කන්න කැමැතියි. ඒ නිසා නිතරම ක්‍රිස්පි වර්ග ආහාරයට ගන්නට පෙළඹෙනවා. අනේ ඉතින් එහෙම නොවී පොඩි බඩගින්නක් ආව වෙලාවට තක්කාලි ගෙඩියක් කන්න පුරුදු වෙන්න. ලුණු ටිකක් ගම්මිරිස් ටිකක් ඉසගත්ත තක්කලි පෙති ටිකක් ආහාරයට ගත්තම පොඩි බඩගින්න නැතිවෙනවා වගේම තරබාරුවත් යන්න යනවා.
මොකද තක්කාලි මඟින ශරීරයේ මේදය පුළුස්සා දමනවා. මාසයක් විතර එහෙම කාලා බැලුවොත් ඔයාගෙ පෙනුම මොකක්දෝ ලොකු වෙනසකට ලක්ව තිබෙන බව ඔබට හැඟේවි.

ඉතින් කෙට්ටු වෙන්න හිතාගෙන ගොඩක් ලොකු ඩයට් ප්ලෑන්වලට යන්නෙ නැතුව මෙන්න මේ වගේ සරල දේවල් අනුගමනය කරලා බලන්න. ඒත් එක්කම ඔබේ ආහාරයට එකතු කර ගන්නා කාබෝහයිඩ්‍රේට් ආහාර හැකිතාක් අඩු කරන්න. දෛනික ව්‍යායාමයේ යෙදෙන්න. ඔයා බලාගෙන ඉන්නකොට ඔය කැත මහත ඔයාව අතහැරලා යන්න යනවාමයි.

කල්හාරි

Leave a Comment

සබැඳි සටහන්....