අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පෙති කිහිපයක්
- තෙල් ස්වල්පයක්
- ලූනු, තක්කාලි, මාලු මිරිස්
- මොසැරල්ලා චීස්
- ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය:
පෑන් එකක් රත්කර, තෙල් ටිකක් ගාලා ඒ උඩින් පාන් පෙති තියලා දෙපැත්ත රන්වන් පාට වෙනකම් රත්කරගන්න.
ලිපේ ගින්දර අඩුම කරලා පාන් පෙත්තේ උඩ කොටසට තක්කාලි සෝස් ගාගන්න.
ඊට උඩින් පොඩියට කපාගත්ත තක්කාලි, ලූනු, මාලුමිරිස් කෑලි අතුරා ගන්න.
ලුණු සහ ගම්මිරිස් කුඩු ඉහගන්න.
උඩින් ග්‍රේට් කරගත්ත මොසැරැල්ලා චීස් දාලා චීස් ටික දියවෙනකල් පියනකින් පාන් පෙත්ත වහලා තියන්න.
(බැදගත් සොසේජස් හෝ මස් එකතු කරගත්විට තවත් රස වැඩියි)