String Art කරලා සල්ලි හොයමුද?

නිවසේ කාලය ගතකරන ඔයාට විනෝදාංශයක් විදියටත්, නිවස හැඩකරගැනීමේ ක්‍රමයක් විදියටත්, අදායම් මාර්ගයක් ලෙසටත් කරන්න පුළුවන් සරල නිර්මාණයක් ගැනයි මේ කියන්න යන්නේ. ඔයා මේ නිර්මාණය කරද්දී ඒක පිළිවෙලට ලස්සනටම කළොත් ඔයාගේ නිර්මාණවලට වෙළඳපොලෙන් ලොකු ඉල්ලුමක් අනිවාර්යෙන්ම ලැබෙනවා. ඉතිං බලමු මේ මොකක් ගැනද කියන්නේ කියලා.

String Art
ලෑල්ලක් උඩ ගහපු ඇණ මත නූල්වලින් ලස්සන රටා මවන එක තමයි String Art කියන්නේ.

  • ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ ඔයා කරන්න සැරසෙන නිර්මාණයේ ප්‍රමාණයට වැඩ ටිකක් වැඩියෙන් ලොකු ලෑල්ලක් අරන් ඒකෙ කල්පැවැත්මට අලේපනයක් ගාගන්න එක.
  • ඊටපස්සේ ඔයාගේ නිර්මාණය පුළුවන්නම් කොලේක ප්‍රින්ට් කරගන්න. නැත්නම් අතින් ඇඳගන්න.
  • දැන් මේක ලෑල්ල උඩින් තියලා එහා මෙහා නොයන්න සෙලෝටේප්වලින් අලවාගන්න.
  • ඊට පස්සේ ඔයාගේ නිර්මාණයේ අවුට්ලයින් එකේ එක සමාන දුරවල් තියලා ඇණ ගසාගන්න.
  • ඇණ ගොඩක් ලෑල්ලේ යටට වෙන්න ගහන්න එපා.
  • ඊට පස්සේ ඔයාගේ කොලේ ඉරලා අයින් කරගන්න.
  • ඔයා කැමති පාටකින් මහත නූල් වර්ග අරන් එක ඇණයක ගැටයක් ගහලා අනිත් ඇණවල රඳවමින් ඔයාට එක එක රටා මවාගන්න පුළුවන්.
  • අන්තිමේදී නූල ඇණයක ගැටයක් ගහලා කපලා අයින් කරගන්න.

 

        

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here