සයිවර් කඩේ රසට අල බොන්ඩා

by Ravi Gamage

අල තෙම්පරාදුව

  • සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩි 3
  • අමු මිරිස් කරල් 3
  • කහ කුඩු තේ හැඳි 1/4
  • මිරිස් කුඩු තේ හැඳි 1/4
  • රස අනුව අනුව ලුණු
  • ලොකු ලූනු ගෙඩි 1/2
  • චොප් කරගත් ඉඟුරු තේ හැඳි 1
  • කරපිංචා තෙල් මේස හැඳි 1 1/2
  • අබ තේ හැඳි 1/2

අල හොඳින් තම්බා කෑලි සිටින ආකාරයට පොඩි කරගන්න.
පෑන් එකක් ලිපේ තබා තෙල් මේස හැඳි 2 එකතු කර රත් වනවිට අබ දමාගන්න.
අබ පුපුරන විට උළුහාල්, කරපිංචා එකතු කරන්න.
මෙයට කපාගත් ලූනු, ඉඟුරු සහ අමුමිරිස් දාගන්න.
රස අනුව ලුණුත් දාගන්න.
ලූනු බැදී පාට වෙනස් වෙනවිට කහ කුඩු, මිරිස් කුඩු, (තියේනම් ගරම් මසාලා පවුඩර් තේ හැඳි 1/2) දාගන්න.
හොඳින් කලවම් කරන්න.
මෙයට වතුර ස්වල්පයක් එකතු කරන්න. (අල බෝල කරද්දී වියලි ගතියක් දැනෙන නිසා)
පොඩි කරගත් අල ටික මිශ්‍ර කර හොඳින් කලවම් කරන්න.
ලිපෙන් බාගෙන රස්නේ ඉවත් වනතුරු තබන්න.
ඉන්පසු තමන්ට අතින් තදකර කැමති ප්‍රමාණයේ බෝල සාදාගන්න.

බැටර් එක

  • කඩල පිටි කප් 1
  • හාල් පිටි කප් මේස හැඳි 2
  • වතුර කප් 1
  • මිරිස් කුඩු තේ හැඳි 1/2
  • ලුණු තේ හැඳි 1/4
  • බැදීම සඳහා තෙල්

භාජනයකට කඩල පිටි, හාල් පිටි, ලුණු සහ මිරිස් කුඩු දාගන්න.
මිශ්‍රණය හොඳින් කලවම් කරන්න.
එයට වතුර ටික ටික දමා තුනී නොවන ඝනකම් බැටර් එකක් හදාගන්න.

අල බෝල
සාදාගත් බෝල ටික බැටර් එකේ පොඟවා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න.

#සූ

Leave a Comment

සබැඳි සටහන්....