කඩල තම්බන්න වෙලා යනවද?
කඩල තම්බද්දී පොල්කටු කෑල්ලක් දැම්මම කඩල ඉක්මනින් වගේම හොඳින් තැම්බෙනවා.
දෙහියි අමු මිරිසුයි එකට තියන්න එපා
දෙහි සහ අමු මිරිස් එකට තැබූ විට අමුමිරිස් ඉක්මනින් නරක් වන නිසා වෙන වෙනම තබන්න.
බණ්ඩක්ක උයද්දී සෙවලයිද?
බණ්ඩක්කා උයද්දී එන සෙවල ගතියට නැති කරගන්න නම් ගොරකා කැබැල්ලක් එකතු කරන්න.
සුදුලූණු පොතු ගලවන්න අමාරුද?
සුදුලූනු පහසුවෙන්ම පොතු ඇරගන්න නම් භාජනකට සුදුලුනු දමා වසාගෙන භාජනය හොඳින් සොලවන්න.
මස්වල සීතල ඉක්මනින් යවමු
ශීතකරණයේ දමා තිබූ මස් ඉක්මනින්ම මෘදු කරගැනීමට විනාකිරි හෝ පොල් වතුරේ ගිල්වා මද වේලාවක් තබන්න.