චූටි පැටියෙක් ඉන්න අම්මා කෙනෙක් කියන්නේ ගොඩක්ම කාර්යබහුල කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. පැටියාගේ ආරක්ෂාව ගැන බලන ගමන් ගෙදරදොරේ වැඩ කටයුතු ටිකත් කරගන්න අම්මලාට ගොඩක් අපහසුයි. සමහර වෙලාවට පැටියා ඇඳේ නැත්නම් කොට් එකේ තියලා අම්මලා වැඩ කරන්න බය හින්දම පැටියව අතේ තියාගෙනම වැඩ කරන අවස්ථා ඕනි තරම් තියෙනවා. ඒක ඊට වඩා අවධානම්සහගත වැඩක් කියලා කියන්න ඕනි නැහැනේ.
ඉතින් දැන් ඉස්සර වගේ නෙවෙයි ඔයාගේ පැටියව ඔයාට පේන දුරකින් තියාගන්න පුළුවන් විදියේ එයාගේ පහසුවට වගේම ආරක්ෂාවට සරිලන විදියට හදපු කොට්ට වර්ග වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. පහල පිනතුරවල තියෙන්නේ ඒ වගේ වර්ග කිහිපයක්. බලන්න ඔයාගේ පැටියටත් ඒ වගේ දෙයක් අරන් දෙන්න පුළුවන්ද කියලා….