බෙල්ල කළුනම් මෙන්න විසඳුම

ඔබේ මුහුණ කොච්චර සුදු වුණත්, පැහැපත් වුණත් බෙල්ල කළු වෙලාද? කාන්තාවන් බොහෝ දෙනෙක් පීඩා විඳින බෙල්ල කළුවිම ගෙදරදීම අඩු කරගන්නේ කොහොමද කියලා තමයි මේ කියන්න යන්නේ.

ඇපල් සයිඩර් විනාකිරි
ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2කට වතුර මේස හැඳි 4ක් දමා හොඳින් මිශ්‍ර කර කොට්න් රෙදි කැබැල්ලක් මගින් බෙල්ලේ අලේප කර විනාඩි 10ක් පමණ තබන්න. ඉන්පසු වතුරින් සෝදා දමන්න. දවසක් හැර දවසක් මෙය කරන්න.
මතක තියාගන්න ඇපල් සයිඩර් විනාකිරිවලට ඔයාගේ සම වියලෙන්න පුළුවන් නිසා ඉහත ක්‍රමය කල පසු මොයිස්චරයිසර් ටිකක් අලේප කරන්න.

බේකින් සෝඩා
බේකින් සෝඩා මේස හැඳි 3කට වතුර ටික ටික දමා මෘදු මිශ්‍රණයක් සාදාගන්න. ඒ මිශ්‍රණය බෙල්ලේ ආලේප කරලා මිශ්‍රණය සම්පුර්ණ වියළුනාට පසුව තෙමාගත්ත ඇඟිලිවලින් හොඳින් සම්බාහනය කරන්න. ඉන්පසු වතුරින් සෝදා දමන්න. පසුව මොයිස්චරයිසර් ටිකක් අලේප කරන්න.
මෙය දිනපතා කරන්න.

අර්තාපල් යුෂ
සෝදා පිරිසිදු කරගත් පොඩි අර්තාපල් ගෙඩියක් ග්‍රේට් කරගන්න. ග්‍රේට් කරගත්ත අර්තාපල් ටික හොඳින් මිරිකලා යුෂ ටික අරගෙන බෙල්ලේ අලේප කරන්න. හොඳින් වියළුනාට පසුව මඳ රස්නේ වතුරින් සෝදා හරින්න.
දවසට දෙවරක් බැගින් දිනපතා කරන්න.

යෝගට්
යෝගට් මේස හැඳි 2කට ලෙමන් යුෂ තේ හැඳි 1ක් මිශ්‍ර කර අලේප කරන්න. විනාඩි විස්සකට පස්සේ වතුරින් සෝදා හරින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here