රෙස්ටුරන්ට් රසට චිකන් ශවර්මා කමුද?

by Ravi Gamage

රොටිය සඳහා

  • හලාගත් පාන්පිටි කෝප්ප 2
  • මද රස්නේ වතුර කෝප්ප 1/2
  • එළවලු තේ මේස හැඳි 2
  • ලුණු තෙල් හැඳි 1/2
  • බේකින් පව්ඩර් තේ හැඳි 1

 

රොටිය සාදන ආකාරය:
පිටිවලට වතුර හැර අනිත් සියලු දේවල් දාලා කලවම් කරගන්න.
ඒ මිශ්‍රණයට වතුර ටික ටික දාලා අතේ නොඇලෙන මෝලියක් හදාගන්න.
පිටි ඉහගත්ත මතුපිටක දාලා මෝලිය හොඳින් නීඩ් කරගන්න.
මේ මෝලිය තෙල් ගගත්ත බෝල් එකක දාලා යන්තම් තෙත රෙදි කෑල්ලකින් වහලා විනාඩි 30ක් පමණ තියන්න.
ඊටපස්සේ මේ මෝලිය කුඩා බෝල 6කට කඩාගන්න.
පිටි ඉහගත්ත මතුපිටක බෝල තියලා රෝලින් පින් එකකින් තුනී කරගන්න.
තෙල් ගාගත්ත නන්ස්ටික් පෑන් එකක තුනී කරගත්ත රොටිය දාල යන්තම් දුඹුරු පාට වෙනකල් දෙපැත්ත පුළුස්සා ගන්න.

 

චිකන් පිරවුම සඳහා

  • කටු නැති චිකන් 400g (කෑලි කපාගන්න)
  • මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු රස අනුව
  • දෙහි ගෙඩි 1/2
  • ගින්ජර් ගාර්ලික් පේස්ට් තේ හැඳි 2
  • මස් කරි තුනපහ තේ හැඳි 2
  • තෙම්පරාදුව සඳහා තෙල්

හොඳින් සෝදාගත් චිකන් කෑලි වලට ඉහත සියල්ලම දමා කලවම් කර පැය බාගයක් පමණ සීසන් කරගන්න.
තෙල් ස්වල්පයක් පෑන් එකකට දමා චිකන් කෑලි ටික බැදගන්න.
බැදගත්ත චිකන් කෑලි ටික ටිකක් හීනියට ඉරාගන්න.

 

එළවලු පිරවුම

  • තක්කාලි, මාළුමිරිස් හෝ බෙල්පෙපර්, ගෝවා, කැරට්, පිපිඤ්ඤා
  • ගම්මිරිස් කුඩු, ලුණු කුඩු රස අනුව
  • දෙගි ගෙඩි බාගයක යුෂ
  • මයෝනීස්
  • සලාද කොළ

එළවලු ටික හීනියට කපාගන්න. රස අනුව ගම්මිරිස්, ලුණු, දෙහි යුෂ දමාගෙන කලවම් කරගන්න.

 

ශවර්මා හදමු
සාදාගත් රොටියට මයෝනීස් තවරගන්න.
අයිනකට වෙන්න සලාද කොළ කෑල්ලක් රොටියෙන් එලියට පෙන විදියට තියාගන්න.
ඊට උඩින් එළවලු මිශ්‍රණයෙන් ටිකක් දාගන්න.
ඊටත් උඩින් චිකන් කෑලි ටිකක් තියාගන්න.
රොටිය හොඳින් රෝල් කරගන්න.

සුදු පාට කොලයක් අරන් ශවර්මා එකේ මැදට වෙන්නට තියලා, ශවර්මා එකේ බාගයක් පෙනෙන විදියට ඔතාගන්න.

#සූ

Leave a Comment

සබැඳි සටහන්....