කිචන් ටිප්ස් – 01

by Ravi Gamage

කාන්තා ඔබ දවසේ සැලකිය යුතු වෙලාවක් රැඳෙන ස්ථානය තමයි මුළුතැන්ගෙය කියන්නේ. දවසේ තුන්වේල නැත්තම් දෙවේලක් ඊට අමතරව සුළු සුළු කෑම වර්ග හදන්නම දවසේ වැඩි වෙලාවක් මුළුතැන්ගෙයි ඉන්නවා. ඉතින් මෙහෙම ඉද්දි ඔයාට එක එක ගැටළු මතුවෙනවා. ඉතින් අද ඉදන් අපි ඔයාට, ඔයාගේ මුළුතැන්ගෙට අවශ්‍ය පුංචි පුංචි ටිප්ස් ටිකක් කියාදෙන්නයි යන්නේ.

ළූණු කපද්දී කඳුළු එනවද?


ළූණු කපද්දී අමාරුම දේ තමයි ඒ සැර ඇහැට ඇවිත් කඳුළු ගලන එක. ළූණු කපන්න කලින් පොතු ඇරලා හොඳින් සෝදලා වතුර එකක දාලා කපන්න ගන්න. එහෙමත් නැත්තම් කපන්න ටිකකට කලින් ෆ්‍රිජ් එකේ ටික වෙලාවක් තියලා ගන්න.

 

තක්කාලි තැලිලද?


තැලුණු තක්කාලි ටික ළූණු සහ ලුණු ටිකක් එක්ක සිසිල් ජලයේ රැයක් පෙගෙන්න තියන්න. තැලුණු තක්කාලි ටික උදේ වෙද්දී හොඳින් හයිවෙලා තියේවි.

 

පොල්තෙල් මුඩු ගඳයිද?


මුඩු ගඳ එන පොල්තෙල් රත් කරද්දී බත් ඇට කීපයක් දාල ගින්දර වැඩි කරලා තෙල් ටික රත් කරන්න.

 

බිත්තර පිලී ගඳයිද?


සුදුපාට සිවිය වගේ කොටස අයින් කරන්න.

 

තම්බගත්ත අලවල පොතු ගලවන්න අමාරුද?


තම්බා ගත්ත අල ඉක්මනින්ම සීතල වතුරට දාන්න. ගොඩක් ලේසියෙන් පොතු ගලවගන්න පුළුවන්.

Leave a Comment

සබැඳි සටහන්....