දැක්කම කන්න ආසා හිතෙන පොටේටෝ ස්මයිලීස්

by Ravi Gamage

කන්න හොර පොඩ්ඩන්ට දැක්කම ආසා හිතෙන කෑමක් දෙමුද? පොඩ්ඩන්ට විතරක් නෙවෙයි ලොක්කන්ටත් කන්න ආසා හිතෙන කමක් තමයි පොටේටෝ ස්මයිලීස් කියන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තම්බා පොඩි කරගත්ත ලොකු අල ගෙඩි 2ක්
  • පාන්කුඩු/බිස්කට් කුඩු කෝප්ප 1/4
  • කෝන් ෆ්ලා මේස හැඳි 2
  • මිරිස් කුඩු තේ හැඳි 1/2
  • ලුණු රස අනුව
  • බැදීම සඳහා තෙල්

සාදාගන්නා ආකාරය:
තෙල් හැර අනිත් හැමදෙයක්ම බෝල් එකකට දාලා හොඳින් අනන්න. මේක ඇලෙනසුළු මිශ්‍රණයක්.
මේ මිශ්‍රණය හොඳින් වහලා ශීතකරණයේ විනාඩි 30ක් විතර තියන්න.
දැන් තෙල් කඩදාසියක් උඩ තියලා රෝලින් පින් එකකින් මිශ්‍රණය තුනී කරගන්න.
කටර් එකකින් හරි වීදුරුවකින් හරි රවුම් කපාගන්න.
කපාගත්ත රවුම්වල ඇසුයි කටයි හදාගන්න.
බීම බටයකින් ඇසුත්, හැන්දකින් කටත් කපාගන්න පුළුවන්.
මේවා ගැඹුරු තෙලේ බැදගන්න.

#සූ

Leave a Comment

සබැඳි සටහන්....