බබාගෙ කෑමවලට තෙල් එකතු කරන්න බයයි ද?

by Ravi Gamage

බබාගෙ කෑමවලට තෙල් එකතු කරන්න බයයි ද?
එහෙම කරන්න එපා. ඒකෙන් ගොඩක් ලොකු ප්‍රශ්න එන්න පුළුවන්…

පොඩිත්තො ඉන්න අම්මලා ඒ අයගෙ පෝෂණය ගැන ගොඩක් වද වෙනවා. ඉතින් ඒ කාලයෙදි දිය යුතු ආහාර වගේම නොදිය යුතු ආහාර සම්බන්ධවත් අම්මලාගෙ සිත වෙහෙසෙන නිසා අපි අද ඒ ගැන ටිකක් කතා කරන්න හිතුවා.

ඉතින් අද පොඩිත්තගෙ ආහාර වේලට තෙල් (බටර් ) එකතු කරන්නෙ කොහොමද, එහෙම කරන්න ඇත්තටම ඕනෙද කියන කාරණාව ගැන මුලින්ම කතා කරමු.

බබාගේ ආහාරයට තෙල් හෝ බටර් එකතු කරනවාද?
ඔයා කියන්නෙ නැහැ කියලා නම් ආයෙම වතාවක් මේ ගැන ඔයාට හිතන්න වෙනවා. මොකද දරුවගෙ වර්ධනයට තෙල් කියන්නෙ බොහොම වැදගත් සංඝටකයක්.
ඇත්තටම බබාට දෙන ආහාරය ගැන ඔයා ගොඩක් සැලකිලිමත්. ඒ නිසා බොහොම පරිස්සමින් තෝරාගන්නා ඒ ආහාරයේ කොහොමත් මේදය තියෙන්නෙ ඉතාම අඩුවෙන්.

මේදය ඉතාමත්ම අඩු එක බබාගෙ වර්ධනයට කොහොමද බලපාන්නෙ?
මේදය බොහොම වැදගත්. ඔය කියන තරම් මේදය වැදගත් නම් මේදය අඩුවෙන් ගන්න කියන්නෙ ඇයි? ඔයාගෙ සිත ප්‍රශ්න කරනවා නේද? ඇත්තමයි ඒ ගැන තමයි මේ කියන්න යන්නේ.මේදය හරිම වැදගත්.

කෙටියෙන්ම කියනවා නම් බබාගේ ආහාර වේලට තෙල් හෝ බටර් එකතු කරන එක එයාගේ හොඳ සෞඛ්‍යට වගේම බබාගේ සංවර්ධනයටත් අතිශය වැදගත්.

ඉතින් අම්මලට මෙහෙම හිතෙන්න පුළුවන්.

1. ඇයි බබෙක්ට මේදය අත්‍යාවශ්‍ය වන්නේ?
2. මොන වගේ මේදයද අපි තෝර ගන්නේ?
3. කොච්චර ප්‍රමාණයක් බටර්/තෙල් බබාගේ කෑමට එකතු කරනවාද?
4. එතකොට අධික තරබාරු බබාලාටත් මේදය ඕනිද?
5. ගොඩාක්ම කෙට්ටු බබාලට මේදය වැඩියෙන් දෙනවද?

ඇත්තටම බබාගේ ආහාර වේලට තෙල් අත්‍යාවශ්‍ය වන්නේ ඇයි? කියන කාරණාව ගැන කතා කරද්දි මෙන්න මෙහෙම කියන්න වෙනවා.
බබාගෙ ශාරිරික සංවර්ධනය යහපත්ව තියා ගන්නට මේදය අවශ්‍යයි. ඒ වගේම බබාගේ වර්ධනය වගේම මොළයේ වර්ධනය ඉතා යහපත්ව තියා ගන්න තෙල් නැත්නම් මේදය අවශ්‍යයි. මේ විදියට ලබාදෙන තෙල් බබාගෙ මොළයේ හා කොඳු ඇට පෙළේ ස්නායු වටා මයිලින් කොපුවක් සෑදීමට උපකාර වෙනවා.

ඉතින් මොකක්ද මේ මයිලින් කොපුව ඔබට හිතෙන්න පුළුවන්. මයිලින් කොපුවෙන් කෙරෙන්නෙ මධ්‍යම ස්නායු පද්ධතියට පරිවරණයක් නිර්මාණය කරන එක. එමඟින් එම නිසා ස්නායු ස්පන්දනයට වේගයෙන් හා කාර්යක්ෂමව ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.

සාමාන්‍යයෙන් මව් කිරි තුළත් මේදය ඉහළ ප්‍රතිශතයක් තියෙනවා. ඔබට මව් කිරිවල ඇති සියලුම ජලය ඉවත් කරන්න පුළුවන් වුණොත් ඉතිරි වන 50%ක ප්‍රමාණයක් මේදය. ඉතින් දැන් ඔබට වැටෙනවා ඇති මේදය බබාට කොච්චර වැදගත් ද කියලා.

ඉතින් අපි බබාගේ කෑම එකට මේදය එකතු කරන්නේ නැතුව හැදුවොත් බබාගේ ඒ කෑම එකේ මේදය 4%කටත් අඩු ප්‍රමාණයක් තමා තියෙන්නෙ. එහෙම වෙන එක හොඳ නැහැ. එතකොට බබාට කෑම පටන් ගත්තාට පස්සේ, බබාට තෙල් හරි බටර් හරි කෑම එකට එකතු නොකලොත් බබාට අත්‍යාවශ්‍යයෙන්ම සිරුරට ලබා ගන්න ඕනි මේද කොටස් නොලැබිලා ගිහින් එයාගේ කායික වගේම මොළයේ සංවර්ධනය අඩාල වෙලා යනවා.

දන්නවද බබාගෙ ක්‍රියාකාරිත්වයට තෙල් අත්‍යවශ්‍යම දෙයක් බව. ඉතින් තෙල් අඩුවෙන කොට බබාට ඉගන ගන්න, මොලේ වර්ධනය වෙන්න, දුවන්න පනින්න තියෙන හැකියාව අඩු වෙලා යනවා.

මේදය අඩුවෙන් බබාගේ කෑම එකට එකතු කරනවා කියන්නේ එයාව සාමාන්‍ය බර මට්ටමේ තියනවා කියන එක නෙමෙයි. ඒ වුණත් ලංකාවේ අම්මලා වැඩි හරියක් හිතන්නේ මේදය හරිම භයානක පෝෂක කොටසක් විදියටනෙ. ඔයාලා එහෙම හිතුවට වඩාත් බයානක වෙන්නෙ නියමිත ප්‍රමාණයෙන් මේදය නැත්නම් තෙල් ලබා නොදුන්නොත් තමයි.

කල්හාරි

Leave a Comment

සබැඳි සටහන්....