සුදු වෙන්න ආස නම් බොමුද කැරට්?

by Ravi Gamage

ගැහැණු ළමයි හැමෝම වගේ කැමතියි සුදුපාට හමක් ලබාගන්න. සුදුපාට විතරක් නෙවෙයි පැහැපත් හමක් ලබාගන්න එකත් ගොඩක් ගැහැණු ළමයින්ගේ හීනයක්. ඉතිං ඒ හීනේ හැබෑ කරගන්න කෘතීම දේවල් පාවිච්චි නොකර ගෙදරට නිතර ගේන එළවළුවකින් උත්සාහ කරලා බලන එකේ වරදක් නෑ නේද?

කැරට් කියන්නේ එහෙම ඔයාට සුදු වෙන්න උදව් කරන එළවළුවක්. සම්බෝලෙට, කිරට, තෙලටනේ අපි කැරට් කන්නේ. දැන් ඉඳන් කැරට් බීලත් බලමුද?
උදේට උදේට සතියට දෙපාරක් විතර මේක බීලා මාසයක් විතර යද්දී ඔයාටම බලන්න පුළුවන් වෙයි ඔයාගේ හමේ වෙලා තියෙන වෙනස.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සෝදා පිරිසිදු කරගත් කැරට් අලයක්
  • වතුර කෝප්ප භාගයක්
  • සීනි, ලුණු, දෙහි රස අනුව

සාදාගන්නා ආකාරය:
කැරට් අලය කෑලි හතරකට විතර කපලා වතුරත් දාලා බ්ලෙන්ඩ් කරන්න.
මේක හොඳින් පෙරාගෙන රස අනුව සීනි, ලුණු සහ දෙහි බිංදු කීපෙකුත් එකතු කරන්න.
ශීතකරණයේ තියලා හරි අයිස් කැට කීපයක් දාලා බීමට ගන්න.

(වැඩි රසයක් ඕනි නම් ඉඟුරු ඉස්ම ටිකකුත් එකතු කරගන්න.)

#සූ

Leave a Comment

සබැඳි සටහන්....