උණු වතුර බොනවානම් ඔයාට ලැබෙන ප්‍රයෝජන 10ක්

by Ravi Gamage

වතුර කියන්නේ ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක්. නිතරම වතුර පානය කිරීම නිරෝගීව ඉන්න ගොඩක් බලපානවා. ඒත් විශේෂයෙන්ම ගොඩක් ගැහැණු ළමයි විවිධ හේතු නිසා වතුර බොන එක හිතාමතාම අමතක කරනවා. ඒකනම් එච්චර හොඳ පුරුද්දක් නෙවෙයි.

මේ කියන්න යන්නේ නිකන් වතුර ගැන නෙමෙයි උණු වතුර පානය කරන එක ගැන. උදේට ඔය බොන කිරි, කෝපි හෝ තේ කෝප්පය වෙනුවට උණුවතුර වීදුරුවක් බීලා බලන්න. ඒකෙන් ඔයාට තියෙන ප්‍රයෝජන කොච්චරක්ද කියලා දැනගත්තම අනිවාර්‍යයෙන් ඔයත් හෙට නෙමෙයි අද ඉඳන්ම උණු වතුර බොන එක පුරුද්දක් කරගනීවි.

-බර අඩු කරනවා
-පැහැපත් සමක් ලබාගන්න උපකාරී වෙනවා
-ආහාර ජීර්ණය පහසු කරවනවා
-සිරුරේ විෂ හරණය කරනවා
-නාසයේ සහ හිසේ බර ගතිය නැතිකරවනවා
-මළ බද්ධය අඩු කරනවා
-රුධිර සංසරණය ක්‍රමානුකුල කරනවා
-නිරෝගී කෙස් කලඹකට හේතුවෙනවා
-සිරුරේ වේදනාවන් සමනය කරනවා
-ආතති තත්ත්ව අඩු කරනවා

Leave a Comment

සබැඳි සටහන්....