ඔයත් නිතරම පේෂල් කරන කෙනෙක් නම් මේක කියවන්න

by Ravi Gamage

රුව ගැන සිතන ගොඩක් අය තමන්ගෙ මුහුණට කරන සත්කාරයක් විදියට පේෂල් කිරීම දක්වන්න පුළුවන්. එමඟින් පැහැපත් වීමක් සිදුවෙනවා.
හැබැයි ඉතින් පේෂල් කියන්නෙ නිතරම කරන්නට හොඳ දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් මාසෙකට එක් වරක් පේෂල් එකක් කළාම හොඳටම ප්‍රමාණවත්.
ඒ වගේම ළාබාල වියේ පසුවන යුවතියන්ට නම් මේ ආකාරයට පේෂල් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඔන්න ඉතින් ළාබාල යුවතියන්ට හිතෙන්න පුළුවන් අපේ මුහුණ සුන්දර කරගන්න අපි මොනවද කරන්නෙ කියලා. ඇත්තටම ළාබාල වයසේ පසුවන අයට ක්ලීනප් එකක් කළාම හොඳටම ප්‍රමාණවත්.

ක්ලීනප් එකක් කරන්නෙ කොහොමද?
ක්ලීනප් එකකින් කෙරෙන්නෙ මුහුණ හොඳින් පිරිසිදු කරන එක. ගොඩක් වෙලාවට මේ වගේ වයසේ පසුවන අයගෙ මුහුණේ තෙල් ගතිය වැඩියි. එහෙම වුණාම මුහුණේ කුරුලෑ එන්න වැඩි ඉඩක් තියෙනවා.
අන්න ඒ වෙලාවට කුරුලෑ අඩුකර ගන්නට පැක් එකක් දමන්න පුළුවන්. හැබැයි ළාබාල යුවතියකගෙ මුහුණට පැක් එකක් දැම්මට මුහුණ සම්බාහනය කරන්නෙ නම් නැහැ. මොකද ඒ වගේ දේ ළාබාල වියේ පසුවන අයගෙ සමට සුදුසු නැහැ.
කොහොමත් විශේෂිත වූ අවස්ථාවක් නෙවෙයි නම් ළාබාල යුවතියකගෙ මුහුණට නිතිපතා ක්ලීනප් කිරීමේ අවශ්‍යතාවක් නැහැ.
හැබැයි ඉතින් වයස අවුරුදු 50 පැන්නට පස්සෙ නම්, පේෂල් එකකට යාමේ වරදක් නැහැ. සාමාන්‍යයෙන් පේෂල් එකක් මසකට වරක් කිරීම ප්‍රමාණවත් වුණත් වයසට යන විට සති තුනකට වතාවක්වත් පේෂල් එකක් කරනවා නම් බොහොම හොඳයි.

සාමාන්‍යයෙන් වයසත් එක්ක සමේ ඇතිවන යම් යම් වෙනස්කම් එක්ක විවිධාකාරයේ පේෂල් කිරීමට සිදුවනවා. ඒ වගේම පේෂල් එකක් කරන්නට පෙර අදාළ පුද්ගලයාගේ සමේ ස්වභාවය හඳුනාගැනීම වැදගත්. ඒ අනුව හර්බල් පේෂල් එකකට යොමුවීමෙන් සම දීප්තිමත් වීම වගේම නිරෝගීව තබාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සමේ පවතින රැලි ස්වභාවය ඉවත් කරන්නත් හර්බල් පේෂල් එකකින් පුළුවන්.

ඇරෝමා පේෂල්…
කොහොමත් හැමෝටම එකම පේෂල් එක කරන්නට බැහැ. කෙනෙකුගේ වයස අනුව පේෂල් ක්‍රම වෙනස් කරන්නට වෙනවා. ඇරෝමා පේෂල් කියන්නෙ ශාකසාර අරගෙන කරනු ලබන පේෂල් එකක්. ඉතින් ඒවායේ අඩංගු ශාකසාර අංශු කැටි හේතුවෙන් සාමාන්‍ය සමකට ඒවා බොහොමත් ඉක්මනින් උරා ගන්නවා.

කල්හාරි

Leave a Comment

සබැඳි සටහන්....