කමුද බින්දි මසාලා

by Ravi Gamage

ඉන්දියන් ෆිල්ම් නැත්නම් ටෙලිනාට්‍ය බලන ඔයා දැකලා ඇති එයාලා බත් එක්ක නැත්නම් රොටි, පරාටා වගේ දේවල් එක්ක බණ්ඩක්කා කනවා. එයාලගේ කෑම ගැන කතා කරද්දී නිතර ඇහෙන වචනයක් තමයි බින්දි මසාලා කියන්නේ. ඉතිං හරිම ලේසියෙන් අපිටත් ගෙදරදී මේ බින්දී මසාලා එක හදාගන්න පුළුවන්.

බණ්ඩක්කා එකම විදියට කන්නේ නැතුව අපිත් කාලා බලමුද එයාල රස කර කර කන බින්දී මසාලා….

අවශ්‍ය ද්‍රව්‍ය

  • බණ්ඩක්කා 250g
  • තෙල් මේස හැඳි 3
  • සූදුරු තේ හැඳි 1/2
  • චොප් කරගත්ත ලොකු ලූනු ගෙඩි 2, අමු මිරිස් කරල් 1, තක්කාලි ගෙඩි 2
  • ජින්ගර් ගාර්ලික් පේස්ට් මේස හැඳි 3/4
  • ලුණු රස අනුව
  • කහ කුඩු තේ හැඳි 1/4
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • ගරම් මසාලා කුඩු තේ හැඳි 1
  • කොත්තමල්ලි කුඩු තේ හැඳි 3/4 (අවශ්‍යම නෑ)
  • බැදගත්ත උළුහාල් තේ හැඳි 1/2
  • වතුර කෝප්ප බාගයක් විතර

සාදාගන්නා ආකාරය
බණ්ඩක්කා හොඳට සෝදලා කිචන් ටවල් එකක් පාවිච්චි කරලා තෙතගතිය අයින් කරගන්න.
ඊටපස්සේ පොඩි කෑලිවලට කපාගන්න.

පෑන් එකක් ලිපේ තියලා, එකට තෙල් මේස හැඳි 1 1/2ක් දාලා රත් කරගන්න.
ඒකට කපාගත්ත බණ්ඩක්කා ටික දාලා මීඩියම් හීට් එකේ විනාඩි 7ක් විතර බැදෙන්න දෙන්න. එතකොට බණ්ඩක්කාවල සෙවල ගතිය නැති වෙනවා.
දැන් මේ ටික පෑන් එකෙන් අයින් කරලා පැත්තකින් තියාගන්න.

මේ පෑන් එකටම ඉතිරි තෙල් ටික දාලා සූදුරු ටික දාන්න.
ඒ ටික බැදීගෙන එද්දී ඒකටම චෝප්කරගත්ත ලූනුයි, අමුමිරිසුයි දාගන්න.
ඒවා රන්වන් පාට වුණාම, එකට ජින්ගර් ගාර්ලික් පේස්ට් එක දාගන්න.
තක්කාලි සහ ලුණුත් එකතු කරන්න.
දැන් මේ මිශ්‍රණය මෘදු ගතියක් එනකල් හොඳින් කලවම් කරන්න.
මිරිස් කුඩු, ගරම් මසාලා කුඩු, කහ කුඩු, කොත්තමල්ලි කුඩුත් එකතු කරගන්න.
වතුර කෝප්ප බාගෙකට අඩුවෙන් මේකට එකතු කරලා හොඳට කලවම් කරන්න.
ඝනකම් මිශ්‍රණයක් වෙනකල් උයාගන්න.
ලුණු බලලා මදිනම් එකතු කරගෙන මේකට උලුහාලුයි, බණ්ඩක්කා ටිකයි එකතු කරගන්න.
පෑන් එක පියනකින් වහලා අඩු ගින්දරේ උයාගන්න.
හොඳ සුවඳක් අවාම පියන ඇරලා තවත් ටික වෙලාවක් තියලා බාගන්න.

Leave a Comment

සබැඳි සටහන්....