ටී ටයිම් එකේ සමෝසා කමුද?

by Ravi Gamage

ලොකු පොඩි අපි කවුරුත් කන්න කැමති කෑමක් තමයි සමෝසා කියන්නේ. ඔයාල දැකලා ඇති පාරේ අයිනේ තියෙන කරත්තවල විකුණන සමෝසාවල පපඩම්වල වගේ පොඩි පොඩි බෝල ඇවිත් තියෙනවා. අතට ගත්තම ඒවා කුඩු වෙනවා. ඉතින් දැන් කඩ ගානේ යන්න ඕනි නෑ ඒවා හොයන්න ඔයාට ගෙදරදීම රසට පිරිසිදුවට හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය (16කට)

ඩෝ එක සඳහා

  • පාන් පිටි ටී කප් 1 1/2
  • ලුනු තේ හැඳි 1/2
  • වෙජිටබල් ඔයිල් තේ හැඳි 3යි
  • ඇල් වතුර

ෆිලින් එක සඳහා

  • සැමන් පොඩි ටින් 1යි
  • තම්බා පොඩිකරගත් පොඩි අල ගෙඩි 3යි
  • චොප් කරගත් සුදුලූනු බික් දෙකයි
  • හීනියට කපාගත් ලොකු ලූනු ගෙඩි බාගයයි, අමු මිරිස් කරල් 3යි, කරපිංචා ඉත්තයි
  • ලුනු, ගම්මිරිස්, කෑලිමිරිස්

සාදාගන්නා ආකාරය

මුලින්ම ඩෝ එක හදාගමු.
පාන්පිටි, ලුනු, තෙල් එකට දාලා මික්ස් කරන්න. ඒකට වතුර ටික ටික දාලා අනලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. ඒක පැය බාගයක් වගේ වහලා තියන්න.

ෆිලින් එකත් හදාගමු.
තෙල් චුට්ටක් පෑන් එකකට දාලා රත්වෙද්දි සුදුලූනු, ලූනු, අමුමිරිස්, කරපිංචා දාන්න. රන්වන් පාට උනාම සැමන් ටිකත් දාලා රස අනුව කහ, ලුනු, කෑලිමිරිස්, ගම්මිරිස් දාගන්න. සැමන් ටික බැදුනම අල ටික එකතු කරගෙන කලවම් කරලා ලිපෙන් බාලා නිවුනම දෙහි බෑයක යුශ මිරිකන්න.

දැන් සමෝසා හදමු
ඩෝ එක කොටස් අටකට වෙන්න කෑලි කඩලා බෝල හදාගන්න. එක බෝලයක් දෙහි ගෙඩියක් වගේ සයිස්.
එක බෝලයක් අරන් ඉලිප්සියාකාර විදියට පිටි ඉස්ස මතුපිටක තුනී කරගන්න. ඒක මැද්දෙන් දෙකට කපාගන්න. ඒ කියන්නෙ එක බෝලෙකින් සමෝසා දෙකක් හදන්න පුලුවන්.
කැපුව එක කොටසක් අරන් කොන් දෙකින් නවලා ගොට්ටක් විදියට නමන්න. නමපු තීරුව වතුර චුට්ටක් ගාලා අලවන්න. ගොට්ටට ෆිලින් එක පුරෝලා ඇරිලා තියෙන පැත්තත් වතුර ගාලා අලවන්න. අතින් තද කරලා ලස්සනට හැඩ කරගන්න.

දැන් තෙල් ලිපේ තියලා බැදගන්න තියෙන්නේ.. අඩුම ගින්දරේ බැදගන්න. ලස්සනයි එතකොට.

#සූ

Leave a Comment

සබැඳි සටහන්....