ගුණ පිරි පොකුරු වදමල් පානය

by Ravi Gamage

පොකුරු වදමල් පානය කියන්නේ ගුණයන්ගෙන් පිරුණු පානයක්. ඔයාගේ ගෙවත්තේ අනන්තවත් පිපිලා පරවෙලා යන මේ මලෙන් ඔයාට තියෙන ප්‍රයෝජන ගොඩයි. ඒ අතරින් කිහිපයක් කියනවනම්,

-මතක ශක්තිය වර්ධනය කරනවා
-සුන්දර කෙස් කළඹක් ලබාගන්න උදව්වෙනවා
-පිළිකා ඇතිවීම වළක්වනවා
-රුධිර පීඩනය පහත හෙලනවා
-රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනවා
-මුත්‍ර ආසාදන සුව කරනවා

ඉතිං මෙච්චර ගුණ ගොඩක් තියෙන මේ පොකුරු වදමල් පානය හදාගන්න හරිම ලේසියි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොකුරු වදමල් 3
  • උණු වතුර කෝප්ප 2
  • ලුණු, සීනි, දෙහි යුෂ රස අනුව

සාදාගන්නා ආකාරය
පොකුරු වදමල්වල පෙති කඩලා හොඳින් සෝදාගන්න.
උණුවතුරට මල් පෙති ටික දාලා මල් පෙතිවල පාට වතුරවලට උරාගන්නකම් තියන්න.
ඊටපස්සේ හොඳින් පෙරාගන්න.
ඒකට රස අනුව, ලුණු, සීනි, දෙහි යුෂ එකතු කරගෙන ශීතකරණයේ දාල කූල් කරලා බොන්න.
බොද්දි අයිස්කැට, කස කසා වගේ එකතු කරන්නත් පුළුවනි.

#සූ

Leave a Comment

සබැඳි සටහන්....