ඇස් කියන රහස්

by Ravi Gamage

ඇස්වලින් කියවෙන රහස් මොනවද දැන ගන්න කැමැති නම් මේ ලිපිය කියවන්න.

දිගටි ඇස්…
දිගැසි කියන්නෙ ගැහැනිය හඳුන්වන නමක්. ඉතින් එවන් දිගටි හැඩකර දෑසක් හිමි වීම උත්තම නාරි ලක්ෂණයක් ලෙසයි හඳුන්වන්නේ. එවන් කතුන් කලාකාමී සුකුමාර ඉරියව් ඇත්තියන්. ඉතා සුළු දෙයකින් පවා සසල වන ඇය ජීවිතේ දෙස බලන්නේ සර්ව ශුබවාදී හැඟීමෙන්.

බුබුලාකාර ඇස්…
ඉදිරියට නෙරන ලද බුබුලාකාර ඇස් කියන්නේ වැන්දඹුවක් වන බවයි. එවන් ලඳුන් බෙහෙවින් සරාගී, සෑහීමකට පත් නොවන්නියන්.

රතුවන් ඇස්…
රතුවන් ඇස් ඇත්නම් එය අසුබ ලකුණක්. සැපවත් යුග දිවියකට බාධාවක්.

කසාවන් ඇස්…
අදමිටු ස්ත්‍රියක්. ළාමක අදහස් ඇති බොරු ආඩම්බරකාර හිත් තමයි මොවුන්ට උරුමව තියෙන්නේ.

ගෝලාකාර හැඩයෙන් යුත් ඇස්…
ගෝලාකාර හැඩැති නිල්මිනි වැනි විකසිතව පවතින ලොකු ඇස් හිමි ඇය භාග්‍යවන්තයි. බොහෝ හික්මුණු ගති පැවතුම් ඇති ඇයගෙ හැම වැඩක්ම කෙරෙන්නෙ ලතාවකට. පාලන කටයුතුවලට සහජයෙන්ම දක්ෂය.

කවාකාර හැඩැති ලොකු ඇස්…
වාසනාවන්තයි. බාධක ජය ගනී. ඉදිරියටම පිය නගයි. නැණවත් බවින් යුක්ත මොවුන්ගේ ආයුෂ දිගුය.

මුවැත්තියක බඳු ඇස්…
මුවැත්තියක බඳු සිහින් දෙනෙත් ඇත්නම් ඒ සුපින්වත් බවේ ලකුණක්. මොවුන් මුවැත්තියන් සේ අහිංසකයි. ලද බොළඳයි.

බළල් ඇස්…
මෙයද අසුබ පිහිටීමකි. එවන් අය මායාකාරය. සල්ලාලය.

ඉතා කුඩා අක්ෂි ගෝලයක් ඇත්නම්…
ගල් හිතක් ඇති දරදඬු ස්ත්‍රීන් වේ. මතුපිටින් අහිංසක වුවත් මොවුන් ආත්මාර්ථකාමීත්වය දේවත්වයේ ලා සලකයි. අපිරිසිදු හදවතක් හිමි පරපුරුෂයන් කරා යෑමට සහජ හැකියාවක් ඇත්තියන්‍ ය.

ඇසේ වපරය…
දකුණු ඇසේ අවලස්සන වපරය කියන්නේ වඳ ලඳක් වන ලකුණකි.
වම් ඇසේ වපරය කියන්නේ අනාචාරශීලී ගැහැනියක බවයි.
ඇස් දෙකම වපර නම් අශිෂ්ටයි. මසුරුයි. සැමියාට ද්‍රෝහීව කටයුතු කරයි. ටික කලකින් පවුල් දිවිය අවුල් කර ගනී.
පින් වපරය ඇත්නම් (බැලු බැල්මට පෙනෙන නොපෙනෙන ආකාරයේ වපරය ) සුබ ඵල උදාකරයි. කුමන හෝ අංශයක කැපී පෙනෙන චරිතයක්. කඩිසරයි.

උපන් ලප
දකුණු ඇසේ උපන් ලපයක් ඇත්නම් යහපත්. සෘජු ප්‍රතිපත්ති සහිතයි. අහිංසකයි. අනුන්ගේ දුකට පිහිටවන මොවුන් පරිත්‍යාගශීලින් වේ.
වම් ඇසේ උපන් ලපයක් ඇත්නම් එය සුබ පිහිටීමක් නෙවෙයි. අසාර්ථක යුග දිවියක අනතුරු ඇඟවීමක්.

කල්හාරි

Leave a Comment

සබැඳි සටහන්....