ලිංගික එක්වීමකදී කාන්තාවන් සෑහීමකට පත්වෙනවා ද?

by Ravi Gamage

ඔයාලා හැමෝම හිතාගෙන ඉන්නේ චිත්‍රපටිවල, නවකතාවල තියන විදිහට හැම ලිංගික එක්වීමක් අවසානෙම කාන්තාව බොහොම සතුටට පත්වෙනවා ඒ කියන්නෙ සුරතාන්තය ට පත්වෙනවා කියලනෙ. දන්නවද ඔබ නොදන්න නොහිතන දෙයක් තමයි සිද්ධවෙන්නේ. හිතනවාට වඩා තත්ත්වය බොහොම වෙනස්.

මොකක්ද මේ වෙනස…
ගොඩක් වෙලාවට ලිංගික එක්වීම් අවසානයේ කිසිඳු සතුටක් කාන්තාවන්ට අත් වෙන්නේ නැහැ. ඇත්තටම ඇයට ඉතිරි වන්නෙ වේදනාවන් සහ අසහනකාරී තත්ත්වයන් පමණයි. ඒත් ඒ ගැන එයාලගෙ සහකරුවන් කිසිවක් දන්නෙ නැහැ. එයාලා හිතන්නෙ එයාලගෙ හැඟීම් උද්දීපනය වුණා වගේ කාන්තාවන්ගේ හැඟීම් සියල්ල සංතර්පණය වුණා කියලයි.

ඇයි එහෙම වෙන්නෙ…
ඇත්තටම මෙහෙම වෙන්නෙ ලිංගික එක්වීම අතරමගදී කාන්තාවට එය එපාවීමක් සිදුවීම හේතුවෙන්. එහෙමත් නැත්නම් ඇයගේ මානසික තත්ත්වය බිඳවැටීම නිසා. කොහොමත් ඉතින් මේ වගේ දෙයක් වෙන්න එක් හේතුවක් නෙවෙයි හේතු ගණනාවක්ම බලපාන්න පුළුවන්.

මූලිකම කාරණය වෙන්නෙ ලිංගික එක්වීමට පෙර බොහොමයක් සහකරුවන් පූර්ව ලිංගික ක්‍රියා කිරීමෙන් මඟ හරින එක. ඒ පිළිබඳව ඔවුන් එතරම් දුරකට නොසිතුවත් හොඳ ලිංගික එක්වීමකට මේ පූර්ව ලිංගික ක්‍රියා ලොකු පිටුබලයක් සපයනවා.

එතැනදි කාන්තාවගේ ශරීරය උණුසුම්වී ලිංගික හැඟීම් අවදිවෙන ආකාරයට කරන බාහිර ලිංගික ක්‍රියාවන් අතිශය වැදගත්. ඒ අනුව සිප වැළඳ ගැනීම්, ස්පර්ශ කිරීම් වගේම ලිංගික අවයව පිරිමැදීම් මඟින් තමයි කාන්තාවගේ ලිංගික හැඟීම් අවදිවන්නේ. ඒ අවදි වීමත් එක්ක කාන්තාවගේ යෝනි මාර්ගය ආශ්‍රිතව තෙත්වීමක් ඇතිවෙනවා. ඒ තෙත්වීම ඇයව ඉතා හොඳ ලිංගික එක්වීමකට සූදානම් කිරීමක්. ඒ විතරක් නෙවෙයි හොඳ මානසික පෙළඹවීමක්. එමඟින් ලිංගික එක්වීම අතරතුර ඇතිවෙන වේදනාව අවම කරනවා. ඒත් කිසිම පූර්ව ලිංගික ක්‍රියාකාරකමකින් තොරව ලිංගිකව එක් වීමක් කරන විට එම අත්දැකීම ඇයට වේදනාවක්. ඒ වගේම එපාවීමක්. එවිට සිදුවන්නේ කිසිම හැඟීමක් දැනීමක් නොමැති ජීවියෙක් බවට පත්වීමයි. එනිසා ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත්.

කාන්තාව සූරාන්තයට පත්වන්නේ නැද්ද?
බොහොම වෙලාවට කාන්තාවගේ සුරතාන්තය ගැන අවබෝධයක් සහකරුවාට නැහැ. ඒ නිසාම තමයි ඔහු තම හැඟීම් සංතර්පණය වූ පසුව ලිංගික ක්‍රියාකාරකම නවතාලන්නේ. යම් හෙයකින් ඔහුට ඇයගේ සූරාන්තය ගැන අවබෝධයක් තියෙනවා නම් ඔහුට පුළුවන් ඇයව ලිංගික එක්වීමේ උච්චතම අවස්ථාව දක්වා රැගෙන යන්නට. ඒත් අද බහුතරයක් පවුල් ජීවිතවල ලියැවෙන්නේ අසම්පූර්ණ කතාවක්. ඒ කාන්තාවන්ගේ ලිංගික එක්වීම අසම්පූර්ණව පවතිද්දී ලිංගික ක්‍රියවලිය නිමාවීම.

එක්වරක් නොව කිහිප වරක්…
දන්නවද එක් ලිංගික එකතු වීමකදී කිහිප වතාවක් සූරාන්තයට පත්වීම සිදුවීම තුළ ඇය වැඩි තෘප්තිමත් බවකට පත්වන වග. ඒ නිසා ඇයගේ සුරතාන්තය ගැන අවබෝධයක් තිබීම තුළ යුගදිවියේ උපරිම සතුට දක්වා ඇයව රැගෙන යාමට ඔහුට පුළුවන්.

ඒ වගේම ලිංගික එක්වීමකට පෙර එකිනෙකා හොඳ තේරුම් ගැනීමක් අවශ්‍යයි. පිරිසිදු බව බොහොම වැදගත්. අනෙකාගේ දහඩිය දුගඳ පවා ලිංගික හැඟීම් බිඳ දමන්නට හේතුවක් වෙන්න පුළුවන්. ඒ ගැනත් හිතන එක අවශ්‍යම කාරණයක්.

ආවේගශීලි හැසිරීම් නිසා…
ලිංගික එක්වීමකදි අධික විදිහට ආවේගශීලීවීම කොහෙත්ම හොඳ දෙයක් නෙවෙයි. එවිට කාන්තාව අඩපණ වෙන්නට ඉඩ තියෙනවා. අධිකව කුලෑටි වීමත් හොඳ දෙයක් නෙවෙයි. එවිටත් කාන්තාවගේ හැඟීම් විරහිත බවට පත්වෙනවා.

අවශ්‍යතා ගැන කතා කරන්න
ඒ නිසා හොඳම දේ වෙන්නෙ දෙන්නගෙ හැඟීම් පිළිබඳව දෙන්නා කතා බහ කර අවශ්‍යතා අනුව තම හැසිරීම් රටාව තීරණය කිරීමයි. එතකොට තම තමන්ගේ එක්වීමේ සිමාවන් ගැන අවබෝධයක් ලබාගන්නට පුළුවන්.

ඔබ හිතුවෙ නැති වුණාට සමහර කාන්තාවන් ආවේගශීලීව ලිංගිකව එක්වෙන්න කැමතියි. ඒ අනුව වේගවත් සිප ගැනීමක්, ස්පර්ශයක් වගේම ලිංගික එක්වීමක් තුළ තමයි ඔවුන්ට ආශ්වාදයක් ගෙන එන්නේ. ඉතින් ඒ දේවල් තේරුම් ගන්න නම් හොඳ කතා බහක් ඇතිකර ගන්නට ඕනේ.

මේ අවබෝධය ඇතිකර ගත්තොත් ඇත්තටම ඔබට ඔබේ සහකාරිය සතුටු කරන්නට පුළුවන්. ඒ ගැන ටිකක් විතර හිතලා බැලුවොත් ඔබේ යුග දිවිය සුන්දර වෙයි.

දිල්

Leave a Comment

සබැඳි සටහන්....