ට්විටර් හැක්වෙයි

by Ravi Gamage

ලෝ ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් වෙතට ප්‍රභලයන්ගේ ගිණුම් ගණනාවක් ඉලක්ක කර ගනිමින් බිට්කොයින් වංචාවක් මුල් කරගත් හැකර් ප්‍රහාරයක් පසුගිය ඊයේ(15) එල්ල වුණා.

එහිදි එම ගිණුමේ ඇති ලින්ක් එක තුලින් එවන බිට්කොයින් වල අගය දෙගුණයක් කර ලබා දෙන බව සඳහන් පණිවිඩයක් හැකර්වරුන් පල කර තිබුණා.

මෙය දැනගත් පසු ට්විටර් වෙතින් එම පණිවිඩ මකා දැමුවද ඇතැම් ගිණුම්වලින් එම පණිවිඩය නැවත පළ වීමත් සමග ට්විටර් සමාගම විසින් එම ගිණුම් වල ට්විට් දැමීම තාවකාලිකව අවහිර කිරීමට කටයුතු කරනු ලැබුවා.

එලොන් මස්ක්, ජෙෆ් බෙසොස් , බිල් ගේට්ස්, බැරක් ඔබාමා, ජෝ බිඩෙන් සහ කැනී වෙස්ට් වැනි පුද්ගලයින්ද ඇපල් සහ ඌබර් වැනි සමාගම්ද මෙම හැක්වීමට ලක්වුණා.

Leave a Comment

සබැඳි සටහන්....