සුෂාන්ත්ගේ මරණයට හේතුව දැනගන්න ඕනෑ – රියා චක්‍රබෝර්ති

by Ravi Gamage

බොලිවුඩය කළඹමින් පසුගියදා මියගිය සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අභිරහස් මරණය ගැන කතානම් තවමත් ඉවර වෙලා නෑ.

ඔහුගේ මරණයෙන් මාසයක් ගතවන අවස්ථාවේදී ඔහුගේ හිටපු පෙම්වතිය වන රියා චක්‍රබෝර්ති ඇගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ ලියුමක් ලියමින් ඉල්ලා සිටියේ ඔහුගේ මරණය සම්බන්ධයෙන් CBI පරීක්ෂණයක් කරන ලෙසයි.

මෙහි තිබූ විශේෂ කරුණක් වන්නේ ප්‍රථම වතාවට ඇය සුෂාන්ත් සිං රාජ්පුත්ගේ පෙම්වතිය බව ප්‍රසිද්ධියේ පැවසීමයි. එසේම ඇයට ඔහු මෙම පියවර ගැනීමට හේතුව දැනගැනීමට අවශ්‍ය බව එහි සඳහන් කර සිටියා. ඇය මෙම ලිපිය ලියා ඇත්තේ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වන අමිත් ශා හටයි.

කෙසේනමුත් සුෂාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් රියාට විවිධ පාර්ශ්වවලින් දැඩි ලෙස චෝදනා එල්ල වෙනවා.

එම ඉන්ස්ටාග්‍රෑම් ලිපිය පහතින්.

#සූ

 

Leave a Comment

සබැඳි සටහන්....