අම්මයි දුවයි එක වගේ අඳිමුද?

අම්මගෙයි දුවගෙයි බැඳීම කියන්නේ ලෝකේ තියෙන බැඳීම්වලින් ආදරණීයම සහ ශක්තිමත්ම බැඳීමක්. මේක කටචනයකට විතරක් සීමා වුනු දෙයක් නෙමෙයි විද්‍යාත්මකවත් ඔප්පු වුණු දෙයක්. එකේදී ඔප්පු වෙලා තියෙනවා අම්මගෙයි දුවගෙයි හැඟීම් ගොඩක් දුරට සමාන වෙනවා කියලා.

ඉතිං මේ බැඳීම තවත් ලස්සන කරගන්න අපි කරන විලාසිතා තවත් ප්‍රයෝජනවත් වෙනවා.

ඇත්තටම දුවෙක් හරි ආසයි එයාගේ අම්මා වගේ වෙන්න. එයා අඳින පළඳින, කතා කරන විදිය අනුගමනය කරන්න පුංචි කාලේ ඉඳන් ආසයි. ඒත් ටිකක් ලොකු වෙද්දිනම් මේ තත්ත්වය වෙනස් වෙනවා.

ඉතිං හුරතල් වියේ ඉන්න පුංචි දුවෙක් ඉන්න අම්ම කෙනෙක්ට අම්මයි දුවයි එක වගේ ඇඳුම් ඇඳලා හැඩ වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම ඇන්දම ගොඩක් අයගේ ඇහැ ඔයාලා දෙන්නා ළඟ නතර වෙනවා කිව්වොත් හරි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here