කිරි දාන්නෙ නැතුව හදපු ඇමරිකන් පෑන්කෙක් එකක් කමුද?

by Ravi Gamage

පොඩ්ඩන්ගේ උදේ කෑමට පොඩි වෙනසක් කරලා බලමුද? පොඩ්ඩන්ගේ විතරක් නෙමෙයි ලොක්කන්ටත් කන්න පුළුවන්, ඉක්මනින්ම හදාගන්න පුළුවන් උදේ කෑමක් තමයි ඇමරිකන් පෑන්කේක් කියන්නේ. මේක හදන්න සාමාන්‍යයෙන් කිරි පාවිච්චි කරනවා. එත් මේ රෙසිපිය කිරි පාවිච්චි නොකර හදන්න පුළුවන් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය : සාමාන්‍ය ප්‍රමාණයේ පෑන්කෙක් 8ක් සඳහා.

  • පාන් පිටි කප් එකයි
  • සීනි මේස හැඳි 1යි
  • බේකින් පවුඩර් තේ හැඳි 2යි
  • ලුනු කුඩු තේ හැඳි කාලයි
  • බිත්තර 1යි
  • වතුර කප් 1යි
  • එළවළු තෙල් මේස හැඳි 1යි

සාදාගන්නා ආකාරය
හලාගත්ත පාන්පිටි, සීනි, බේකින් පව්ඩර්, ලුනු බාජනේකට දාලා කලවම් කරන්න.
වෙන බාජනේකට බිත්තරේ දාලා ගෑරුප්පුවකින් හොඳට ගසාගන්න. ඒකටම තෙල් ටිකයි, වතුරයි දාලා මිශ්‍ර වෙනකල් ගසාගන්න.
මේක අර පිටි මිශ්‍රනයට දාලා පිටි කැට නොහිටින්න හොඳට කලවම් කරන්න.
මේ බැටර් එක කේක්වලට එන බැටර් එක වගේ ඝනකම්.
ලිපේ මීඩියම් හීට් එක දාලා පෑන් එකක් තියල තෙල් චුට්ටක් ගාලා බැටර් එකෙන් ටිකක් දාන්න. තුනී කරන්න යන්නෙපා ඝනකමට තියන්න.
ඒකෙ උඩ හිල් හැදෙනවා.
උඩ හිල් ටික හැදිල තෙත ගතිය ගියාම අනිත් පැත්ත දාගෙන ටිකක් රත් කරගෙන ලිපෙන් බාගන්න.

**බටර් එක්ක ෂුගර් සිරප් හරි පැණි එක්ක එහෙමත් නැත්තම් පලතුරු එක්ක කද්දී රසයි..
**නැත්තම් නිකන්ම කන්නත් පුළුවන්..

#සූ

Leave a Comment

සබැඳි සටහන්....