පුතුගේ ජීවිතය බේරා අවසන් ගමන් ගිය ඇමරිකානු නිළිය – නායා රිවේරා

by Ravi Gamage

සිය සිව් හැවිරිදි පුතු සමගින් බෝට්ටු සවාරියක් සඳහා ගොස් සිටි ඇමරිකානු නිළි නායා රිවේරා එහිදී සිදු වූ හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා.

33 හැවිරිදි රිවේරා පසුගිය 8 වනදා පස්වරු 1ට පමණ කැලිෆෝනියාහි වෙන්චුරා ප්‍රාන්තයේ පයිරු නම් ජලාශයෙහි බෝට්ටු සංචාරයක් සඳහා ගොස් තිබෙනවා.

පැය තුනක කාලයක් සඳහා බෝට්ටුවක් මිලදී ගත් ඇය තම පුතු සමගින් තනිව එය පැද යන අයුරු වීඩියෝවක සටහන් වෙනවා.

බෝට්ටුව සඳහා දී තිබූ කුලී කාලය අවසන් වීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලු පිරිසට දැකගත හැකිවී ඇත්තේ ආරක්‍ෂිත ජැකට්ටුවද පැළඳගෙන බෝට්ටුව තුළ නිදාගෙන සිටින රිවේරාගේ සිඟිති පුතු පමණයි. රිවේරා සඳහා දී තිබූ වැඩිහිටි ආරක්‍ෂිත ජැකට්ටුව බෝට්ටුව තුල තිබී සොයාගෙන තිබෙනවා.

රිවේරාගේ පුතුගෙන් මව පිළිබඳව ඇසූවිට “මමයි අම්මයි පිහිනුවා. නැවත බෝට්ටුවට එන්නට අම්මා මට උදව් කලත් එයාට ආපසු එන්න බැරි වුණා. මම හැරිලා බලද්දී දැක්කා අම්මා වතුර යට නොපෙනී යනවා” යනුවෙන් කියා තිබුණා. එසේම සිද්ධිය පිළිබඳ සොයා බලන මෙන් ඔහු පර්යේෂකයින්ට පවසා තිබෙනවා.

පුරා දින පහක් පුරා ජලාශයේ ඇයගේ සිරුර සෙවූ පර්යේෂකයින්ට ඊයේ (13) ඇයගේ සිරුර හමුවී තිබෙනවා. එම ප්‍රදේශයේ ජලයේ ගැඹුර අඩි 35-60ත් අතර වෙන බවත් අධික ලෙස පඳුරු සහ ගස් වර්ග සහිත ජල ප්‍රදේශයක් බවත් ප්‍රාන්තය භාර ශේරිෆ්වරයා වන විලියම් ආයුබ් පවසා තිබෙනවා. එසේම ඇය බොහෝදුරට දියවැලකට අසුවන්නට ඇතැයිද, එම ප්‍රදේශය දියවැල් සහිත වන අතර හවස් යාමයේ දියවැල් බහුල වශයෙන් තිබෙන බව ද පවසා සිටියා.

Leave a Comment

සබැඳි සටහන්....