ඊසි ඩිනර් එකක් ගමුද – එග් ඇන්ඩ් සොසේජ් බ්‍රෙඩ් කැසරෝල්

by Ravi Gamage

ඊසිම ඊසි ඩිනර් එකක් තමයි මේක. ටිකක් විතර පීට්සා එකක රස තියෙන කෑමක්. පොඩි බබාලා වුණත් ආසාවෙන් කයි කියලා කියන්න පුළුවන්. ඇත්තටම ලොකු වියදමක් නැතුව ඉක්මනින් හදාගන්න පුළුවන් කෑමක් තමයි එග් ඇන්ඩ් සොසේජ් බ්‍රෙඩ් කැසරෝල් කියන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය (දෙදෙනෙක් සඳහා)

  • පාන් පෙති 6 (ටිකක් ලොකු කෑලි කපා ගන්න)
  • සොසේජ් කරල් 4ක් (පෙති කපාගන්න)
  • ලොකු ළූනු ගෙඩි බාගයක් (හීනියට කපාගන්න)
  • තක්කාලි ගෙඩි බාගයක් (කපගන්න)
  • චොප්කරගත්ත සුදුලූනු බික් 1ක්
  • බිත්තර 3ක්

සාදාගන්නා ආකාරය
සාස්පානක තෙල් තේ හැඳි 1 1/2ක් දාලා ලිපේ තියලා චොප්කරගත්ත සුදුලූනු, ලූනු දාලා රන්වන් පාට එද්දි සොසේජ් ටිකත් එකතු කරන්න. ඒකටම තක්කාලි කෑල්ලත් දාලා, ලුනු, ගම්මිරිස්, කෑලිමිරිස් රස අනුව එකතු කරගන්න.(සොසේජ් තෙල්දානවා වගේ😁)

මේක ලිපෙන් බාලා පාන් කෑලි ටික ඒකටම දාලා කලවම් කරන්න හොඳට මික්ස් වෙන්නම.

බිත්තර තුන කඩලා ගසාගෙන ලුනු චුට්ටක් කැමතිනම් ගම්මිරිස් චුට්ටක් දාලා, වතුර කෝප්ප බාගයක් (ෆ්‍රෙශ් මිල්ක් උනත් කමක් නෑ) එකතු කරලා හොඳට ගසාගන්න.

ඒ බිත්තර එක පාන් මික්ස් එකට දාලා හොඳට කලවම් කරගන්න. පාන් කෑලි ඒකෙ පෙගෙන විදියට.

බටර් ගාපු තැටියක මේ ටික අතුරලා, ප්‍රී හීට් කරපු අවන් එකක 180°C විනාඩි 20ක් පාන් ටික උඩ රන්වන් පාට වෙනකල් බේක් කරගන්න.

**අවන්වල එකිනෙකට වෙනස් නිසා පාන් තෙත ගතිය තියේනම් තව විනාඩි 5ක් හෝ 10ක් දාන්න. හැබැයි සැරින් සැරේ කරවෙන්න නොදී බලන්න.

#සූ

 

 

 

Leave a Comment

සබැඳි සටහන්....