නැවත භාවිත කළ හැකි ආරක්ෂිත මුහුණු ආවරණය​ක් – ස්ටැෆර්ඩ් සමූහ ව්‍යාපාරය අනුබද්ධ IPL සමාගම වෙතින්

by Ravi Gamage

ස්ටැෆර්ඩ් සමූහ ව්‍යාපාරය අනුබද්ධ IPL (ඉන්වෙන්ටිව් පොලිමර්ස් ලංකා ලිමිටඩ්) සමාගම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව නිෂ්පාදනය කරන ලද නැවත භාවිතා කළ හැකි ‘ආරක්ෂිත මුහුණු ආවරණ’ මේ වනවිටත් වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. කොවිඩ් 19 වැළැක්වීමේ කාර්යයෙහි පෙරමුණ ගෙන සිටින වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා ආරක්ෂක අංශ සාමාජිකයෝ දැනටමත් මෙම මුහුණු ආවරණ, කොරෝනා සටනෙහි භාවිතයට ගත හැකි වඩාත් ආරක්ෂිත පලිහක් ලෙසින් යොදා ගනිති.

එමෙන්ම මෙම පුද්ගල ආරක්ෂණ උපාංගය, සිය රාජකාරි අතරතුර කතාබස් කිරීමට හා මුහුණෙහි ඉරියව් භාවිතයට ගැනීමට අවශ්‍ය ගුරු වෘත්තිය ආදී වෘත්තීන්හි නිරත පිරිසට භාවිතයට ගැනීමෙන්, සාමාන්‍ය මුඛ ආවරණ පැලඳීමෙන් ඇතිවන අවාසිවලින් වැළකිය හැකිය.

මෙම ආරක්ෂිත මුහුණු ආවරණ මගින් ඇස් සහ නාසය ඇතුළුව මුළු මුහුණම ආරක්ෂා කර ගත හැකි බැවින්, මිනිසුන් සිය මුහුණු ස්පර්ශ කිරීමෙන්, තමන් නොදැනුවත්වම කොරෝනා වයිරසයට නිරාවරණය වීමෙන් වළක්වා ගත හැකිය. පුද්ගලයෙකුගේ නළලෙහි කුඩා කොටසක් වටා එතෙන පරිදි නිමවා ඇති මෙම මුහුණු ආවරණය සාමාන්‍ය මුඛ ආවරණයක් මෙන් නොව, දිගු කාලයක් භාවිතා කිරීමේදී ඇති විය හැකි කැසීම් හා සීරිම් අවදානමද අඩුය.

මෙය සැහැල්ලු බරකින් යුක්ත වන අතර මිලිමීටර් 0.5 පොලිප්‍රොපිලීන් වලින් සාදා ඇති දෘඩ හිස් පටියකින්ද යුක්ත වේ. නළලට සරිලන සේ නිර්මාණය කර ඇති අතර විනිවිද පෙනෙන කොටසෙහි බොඳවීම අඩු කිරීම සඳහා ආවරණය හා සහ නාසය අතර ප්‍රමාණවත් පරතරයක් පවතින පරිදි නිමවා තිබේ. විනිවිද පෙනෙන කොටස නිමවා ඇත්තේ පොලිකාබනේට් වලින් වන අතර එය ඉතා කල් පවතින මෙන්ම පිරිසිදු කිරීමට පහසු අමු ද්‍රව්‍යයකි. පොලිකාබනේට් මගින 90% ක් තරම් ප්‍රශස්ත ආලෝක සම්ප්‍රේෂණ හැකියාවක් පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පීවීසී / පීඊටී මුහුණු ආවරණයකට වඩා හොඳ පැහැදිලි බවක් මෙමගින් ලබා දේ.

මෙම විශේෂිත මුහුණු ආවරණය, ප්‍රමුඛ පෙළේ ඔසුසැල්වලින් රු .750.00 ක සාධාරණ මිලකට මිලදී ගත හැකිය.

Leave a Comment

සබැඳි සටහන්....