රුලං පුඩිම

by Ravi Gamage

රෙසිපිය : නිසංසලා ජයසේකර (මුහුණුපොතේ මුළුතැන්ගෙය සමූහයෙන්)

ෆොටෝ එක දැක්කගමන් හිතුනේ කැරමල් පුඩින් එකක් කියල නේද? ඔව් මේක කැරමල් පුඩින් එකක් තමයි. එත් මේක රුලංවලින් හදපු කැරමල් පුඩින් එකක්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ඩෙසර්ට් එකක් කිව්වොත් හරි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • නැවුම් කිරි 500ml
  • බිත්තර 2
  • සීනී 50g රස අනුව 100gක් ගන්නත් පුළුවන්
  • බටර් මේස හැඳි 2
  • රුලං 40g
  • වැනිලා ස්වල්පයක්

කැරමල් එක සඳහා වෙනම

  • සීනී 50g
  • වතුර මේස හැඳි 1/2

සාදාගන්න ආකාරය
කැරමල් එකට ගත්ත සීනි සහ වතුර එකට දමා කැරමල් එක හදාගන්න. ඒක බටර් ගාගත්තු තැටියකට දාගන්න.

බටර්, සීනී, කිරි එකට දමා රත් කරගන්න.
කිරි රත් වුණාම රුලං ටික දා ගන්න
ලිපේ ගින්දර අඩු කර විනාඩි විතර හැඳි ගාන්න.
ලිප නිවලා, විනාඩි පහක් පමණ නිවෙන්නට තියන්න.
බිත්තර සහ වැනිලා එකට එකතු කරලා නිවෙන්නට තිබ්බ රුලං මිශ්‍රණයට ටිකෙන් ටික කලවම් කරන්න.
මේ මිශ්‍රණය කැරමල් එක දාගත්ත තැටියක දමා ෆොයිල් එකකින් ආවරණය කරලා විනාඩි 40ක් විතර ස්ටීම් කරගන්න.

Leave a Comment

සබැඳි සටහන්....