තොල් ආලේපනයක් තෝරාගන්නට පෙර…..

by Ravi Gamage

ලස්සන කෙල්ලෙක් දැක්කම ගොඩක් අය හැරිලා බලනවා. ඉතින් ඔයාගෙ මුහුණෙ ලස්සනත් තියෙනවා නම් තමයි කෙනෙක් ඔයා දිහාවෙ ඒ විදියට හැරිලා බලන්නෙ. දන්නවද ඔයාගෙ මුහුණෙ ලස්සන පෙනුමට ඔයාගෙ තොල් දෙකෙන් ලොකු එළියක් අරගෙන එනවා. ඒ ගැන දන්න හින්දම තමයි තරුණ අය වගේම ජීවිතේ මැදි වයස පහුකරගෙන ආව අයත් තොල් ආලේපන ගැන මේ තරමටම සැලකිලිමත් වෙන්නේ.

තොල් ආලේපනයක ප්‍රමිතිය…
කොහොමත් තොල් ආලේපනයක් තෝරාගන්නට පෙර ඒක නියමානුකූලව ප්‍රමිතියට අනුව නිෂ්පාදිත එකක්ද කියන කාරණාව ගැන හිතන්නම වෙනවා. ඒ අනුව ඔබ තෝරාගන්නා තොල් ආලේපනයේ කොකෝ බටර් සංයුතිය තිබීම වැදගත්. මොකද එතකොට තොල් වියළීමක් වෙන්නෙ නැහැ. සමට ස්වභාවික පෙනුමක් අරගෙන එනවා.

ඒ වගේම තමයි හැකිතාක් දුරට ස්වභාවික වර්ණ යොදාගැනීම කරනවා නම් බොහොම හොඳයි. ඒ මගින් ඔයාගෙ පෙනුමට ගෙන දෙන්නෙ ස්වභාවිකත්වයක්. ඒ පෙනුම ඇත්තටම සුන්දරයි.

ගොඩක් අය අඩු මුදලකට තොල් ආලේපනයක් ගන්න හිතනවා. ඒක නම් හොඳයි කියන්න බැහැ. මොකද අඩු ප්‍රමිතියක් සහිත ආලේපන භාවිතය විවිධ ආසාදනයන්ට හේතුවක්. නිසි ප්‍රමිතියක් සහිත තොල් ආලේපනයකින් සිදුවන අහිතකර බලපෑම් අඩුයි.  කොහොමත් ඉතින් තොල් කියන්නෙ ඉතාමත් ඉක්මනින් ආසාදිත වෙන්න පුළුවන් සංවේදී අවයවයක්. ඒ නිසා ප්‍රමිතිය වගේම නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය කියන මේ හැම දෙයක් ගැනම ලොකු අවධානයක් යොමු කිරීම අවශ්‍යයි.

වැරදි ආලේපන ක්‍රම…
ලස්සන වෙන්න කියලා හිතාගෙන තොල් ආලේපන අරගෙන එනවා. ඒත් එය හරියට ආලේප කරන්නෙ කීයෙන් කී දෙනාද? ඒ නොදැනුවත්කම නිසා. දන්නවද ඔබ ආලේප කරන ආලේපන ඉවත් කිරීම අවශ්‍යම කාරණාවක්. එහිදී පුළුන් කැබැල්ලක් භාවිතයෙන් ටෝනර් බිඳුවක් තවරාගෙන ඉතාමත් සෙමෙන් දෙතොල් පිරිසිදු කරන්නට ඕනේ.

තොල් අවර්ණ වෙන්නෙ ඇයි?
අපි පමණ ඉක්මවා තොල් ආලේපන භාවිතයෙන් තොල් අවර්ණ වෙනවා. ඒ වගේම ඒ ආලේපන පිරිසිදු නොකිරීමත් , ප්‍රමිතියෙන් බාල ආලේපන ගැල්වීමත් නිසා ඔබේ තොල් කළු වෙන්න ඉඩ තියෙනවා.

පිළියම් නැද්ද?
මේ වගේ තොල් අවර්ණ වෙනවට, පැලෙනවට පිළියම් තියෙනවා. ඒ දේවල් අනුගමනය කිරීම බොහොම වැදගත්.
ප්‍රධානම කාරණය තමයි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම.එහෙම වුණාම තොල් වියළීම අඩුයි.
ඒ වගේම තොල් මතු පිට ඔලිව් තෙල්, වැස්ලීන්, මීපැණි , එළකිරි තොල්වල ආලේපය බොහොම වැදගත්.
ඒ වගේම අමු බෙලි මද කිරි සමඟින් මිශ්‍ර කර ආලේපය, කතුරුමුරුංගා කොළ කිරට උයා ආහාරයට ගැනීම බෙහෙවින් වැදගත්.

දිල්

Leave a Comment

සබැඳි සටහන්....